පොසොන් උත්සවය වෙනුවෙන් නොමිලේ විශේෂ දුම්රිය ගමන්වාර රැසක්. නවාතැන් පහසුකමුත් වැඩි කරයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

පොසොන් උත්සවය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන්වාර රැසක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව කොළඹ කොටුව සිට අනුරාධපුර දක්වා දුම්රිය ගමන්වාර 20ක් සහ අනුරාධපුරය සිට මිහින්තලය දක්වා දුම්රිය ගමන්වාර 36ක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසුවේ.

මෙම දුම්රිය ගමන්වාර සඳහා පෞද්ගලික ආයතනයක් සම්පූර්ණ වියදම් දරා ඇති බැවින් මෙම සියලු දුම්රිය ගමන්වාර මගීන් සඳහා නොමිලයේ ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම විශේෂ දුම්රිය ගමන්වාර හෙට (09) සිට එළැඹෙන 12 වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර මීට සමගාමීව නවාතැන් පහසුකම් සහ අනෙකුත් පහසුකම් වැඩි දියුණු කිරීමද දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මේ වන විට සිදුකර ඇති බවත් ඒ අනුව අනුරාධපුරය දක්වා පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ස්ථාන කිහිපයක නවාතැන් පහසුකම් ලබා දීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති අතර එම පහසුකම් දුම්රිය ස්ථානය මගින් ලබා ගැනීමේ හැකියාව ඇති බවත් දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

LPL හයවැන්න නොවැම්බර් සහ දෙසැම්බර්වලදී

නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW: ලංකා ප්‍රිමියර් ලීග් (LPL) හි...

අද – හෙට – අනිද්දා පළමු පෙළ කාන්තා තරග

නිශ්මං රණසිංහ අගෝස්තු 03, කොළඹ LNW: හර්ෂිතා සමරවික්‍රම මේ වන විට...

මහින්ද සමරසිංහට ඇමෙරිකාවේ දී ආශීර්වාද පිංකම්……!

අශෝක ජයතුංග අගෝස්තු 03 වොෂින්ටන් LNW : 🍎හිමිවරු හා ලාංකිකයන් රැසක්...