නිශ්මං රණසිංහ ජුනි 08, කොළඹ LNW:
ක්‍රීඩාවේ නිම්වළලු පුළුල් වීමේදී ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව විශේෂ අවධානයක් ලිංගිකත්වය හරහා බෙදා වෙන් කිරීම නිසා ක්‍රීඩාව අකැප විෂයක් වන ප්‍රජාව කෙරෙහි යොමු කර ඇත.එහිදී විශේෂයෙන් සංක්‍රාන්තික ලිංගික ස්වභාවය මත නව ස්ත්‍රී හෝ පුරුෂ තත්ත්වය යටතේ ක්‍රීඩා කරන්නට අවස්ථාව ලබා දී ඇත.ඒ විද්‍යාත්මකව සළකා බලන හෝමෝන ක්‍රියාවලියක් තුළය.එයට මේ වන විට අභියෝගයක් එල්ල වෙමින් ඇති නමුත් එහෙත් එය සංක්‍රාන්තික ලෙස සැකසි වෙනස් ශානරයක් ඔස්සේ ඇතැම් ක්‍රීඩාවන්ට අවස්ථාව ලබාදීමක් දක්වා වන ජයග්‍රහණයක් මිස ඔවුන්ට ක්‍රීඩාවේ දොර සංක්‍රාන්තික ප්‍රජාව වෙත වසා දැමීමක් නොවනු ඇත.

පුද්ගල නැමියාවද අතිශයින් පෞද්ගලිකය.එයට භාහිර ස්වරූපය අනුව වෙනත් සමාජ සාධකවලට කුමන හැඩයක් ගත යුතු ද යනුවෙන් බලපෑම් කිරීම අසාධාරණ,අසික්කිත සහ අමානුෂික ක්‍රියාවක්ය.ශ්‍රී ලංකාව වැනි සමාජයක ආගමික ප්‍රවාද මත ජීවත් වීම හැර එවැනි මානුෂීය කාරණා පිළිබඳව විද්‍යාත්මක ඇත්ත අදාළ කර ගන්නේ අඩුවෙන්ය.ඒ නිසා ප්රවාදවල බරට මිත්‍යාව විශ්වාස කරන සමාජයක නීතියේ පාට සහ හැඩය ද සකස් කරගෙන සාධාරණය වෙනුවෙන් පෙනී සිටීම පහසු නැත.

දීර්ඝකාලීනව කරන ලද කැපවීමක සහ වෙහෙසක පලයක් හැටියට,සමාජයෙන් ද නීතියෙන්ද නිදහස්ව අද වන විට විරුද්ධ ලිංගිකත්වය පමණක් නොවන වෙනස් ලිංගික නැඹුරුවන් සහිත සමාජයකට විශාල ඉඩක් නිර්මාණය වී ඇත. LGBTQ වහ් වූ මේ සමානත්මතාවය මෙන්ම අයිතිය ද තහවුරු කර ගත් පිරිස් ඊට වෙනස් ලිංගික අදහස් දරණ මිනිසුන්ගේ ගෞරවණීය පිළිගැනීමත් සමග පෙරට ඒමේ එක් සංධිස්ථානයක් ලෙස වර්ථමානයේ දේදුනු සමාජයන් විසින් පවත්වන විවිධ උත්සව අවස්ථා අපට දැක ගන්නට ලැබෙයි.

සමහර අවස්ථාවක දුප්පත් වෙනස් ලිංගික නැමියාවක් ඇති අයෙකුගෙන් ඇසුවහොත් තමන්ගේ ලිංගික ලැබඳියාවේ නියෝජනය තිබෙන එතැනට තමාගේ දුප්පත්හෝ නොදැනුවත්කම දුර වී තිබෙන අවස්ථාද අප දැක ඇත.එහෙත් ඒ ඉහළ සමාජමය ම්පර්ශය නොවුණානම් මේ නිදහසවත් නොතිබෙන්නට තිබුණු බව ඇත්තය.ඒ නිසාම මහන්සි ව අත්දැකීම් එකතු කර ගනිමින් යම් පිරිසකට නායකත්වය දෙන ඉහළ ආර්ථික සමාජයෙන් බැහැර වූ භූමී හරේන්ද්‍රන්,සකුනි මායාදුන්න වැනි චරිතත ද අද සමාජය දැන හඳුනාගෙන මේ සමාජය ඇතුළේ යම් සිවිල් තත්ත්වයක් නිර්මාණය කර ගෙන ඇත.

යම් අයෙකුට මේ සංවිධානමය ව්‍යහුයන් ඇතුළේ දුර බවක් දැණුනත්,ඒ නිසා ඒවාට දායකත්වය දීමෙන් පලක් නැති බව සිතුණත් අද වන විට විඳින නිදහස වෙනුවෙන් මේ අනන්‍යතාවයන් සහිත පුද්ගල කාණ්ඩ වෙනුවෙන් පෙනී සිටි ඒඅතරින්ම මතු වූ පිරිස් මෙන්ම විවිධ සිවිල් සංවිධාන සහ පුද්ගල පෞරුෂ, තමන් මේ මොහොතට අදාළව විඳින නිදහසේ කැපකිරීම්වල ගෞරවය හිමි විය යුතු වන්නෝ බව අමතක නොකළ යුතුය.
එහි වර්ථමානයේ සමාජමය පිළිගැනීම කෙතරම් දුරට විහිද ඇති ද යන්න පිළිබඳවත්,ඔවුන් තුළ ප්‍රසිද්ධියේ සමාජය ඉදිරියේ හැසිරෙන්නට ඇති හැකියාව මෙන්ම ඒවා අනවශ්‍යය අශෝභන ලෙස සමාජය දැකීමත් කෙතරම් දුරට වෙනස් වී ඇද්දත් යන්න සම්බන්ධයෙන් හොඳ නිදසුනක් ප්‍රයිඩ් මාසය යෙදී ඇති මේ ජූනි මස 7 වන දින පැපිලියානේදී දැක ගන්නට ලැබිණ.අපේක්ෂාව ජයග්‍රහණය පමණක් නොවිණ.සටන් කිරීම ඉහළය.ඒත් සාධාරණත්ව සහ මිත්‍රත්වය මත කිසිඳු කළු සටහනක් ඇති නොවන්නට ඔව්හූ පරිස්සම් සහගත වූහ.

යමෙක් කීවේ
“නිකං තරග කරන්න ගියත් මෙතන මරාගෙන කෑ ගහනවා,මුං ඒ අතින් මාරයිනෙ.“ පස්වරු 1.30 පමණ වෙනකම් මම ද එයට සාක්ෂිකරුවෙකු ලෙස සිට පිටවුණෙමි.ඒ පුද්ගලයා ‘මුං‘ යනුවෙන් වෙනම කොටසක් ලෙස ගෙන වෙනස් කර කීවත්,එහි ඇති ගෞරවය සහ පිළිගැනීම,මීට කාලයකට පෙර තිබුණු ප්‍රතික්ෂේප කිරීමේ සම්භාවිතාව කෙතරම් කුඩා වී ඇත් ද යන්න දැන ගැනීම හොඳ නිවේදනයකි.විනිශ්චයට එකඟවීම සියයට සියයක් විය.ඒ ලාබාල විනිසුරුවරිය සහ විනිසුරුගේ තීරණ සියයට සියයක්ම නිවැරදි යන්න විශ්වාස කරන නිසා නොවේය.සංයමෙයේ සහ විනයේ පැහැදිළි විශාලත්වය විසින් ඇති කරන ලද ක්‍රීඩාශීලී හික්මීමය.
මෙහි තරග සම්බන්ධ ඡායාරූප මෙන්ම එම පරිසරය හඳුනා ගැනීමට අදාළ ඡායාරූපද අමුණා ඇත.ජයග්‍රාහකයා ලිවීමට සෙවීමට වෙහෙසුනේම නැත.මන්ද මේ තරගාවලිය පැවත්වීම එය ගෙවුණු ආකාරය යන සියල්ලම ජය ගැනීමක් බැවිනි.එහි තිබුණු සුහදශිලී,මිත්‍රශිලී ආදරණිය බව සමඟ වරුවක් ජීවිතයට එකතු කර ගන්නට ලැබීම ගැන මා සතුටෙන්ය.එළැඹෙන වසරේ දී මීට වඩා තවත් යහපත් අලංකාරවත් දේ මේ වැඩ සටහනට එකතු විය යුතුය.ඊට සවි ශක්තිය දෙන්නට තව තවත් ඔවුන් ආදරය හිමි විය යුතුය.දේදුන්න පොළවට සිසිල ගෙනෙන අහසත් පොළවත් යා කරන පදනමය.අපි ඒ සිසිලට ගරු කරමු.
ඡායාරූප – හසිනි සෞභාග්‍යා
