චීන තානාපතිවරයා සහ විදේශ කටයුතු ඇමති අතර හමුවක්

Date:

විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා 2022 ජූනි 02 වැනි දින විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොංග් මැතිතුමා සමඟ සාකච්ඡා පැවැත්වී ය.

මෙම හමුව අතරතුර, ශ්‍රී ලංකාවට ලබාදී ඇති සහය පිළිබඳව විස්තර කළ තානාපති චෙන්හොංග් මැතිතුමා, ද්විපාර්ශ්වික කටයුතු සහ මෙරට වත්මන් ප්‍රවණතා හා සබැඳි කරුණු පිළිබඳව සාකච්ඡා කළේ ය.

විශේෂයෙන්ම මෙම වත්මන් තත්ත්වය හමුවේ චීනය ලබා දෙන නොමසුරු සහයෝගය අගය කළ විදේශ කටයුතු අමාත්‍යවරයා, ශ්‍රී ලංකාවේ ආර්ථික අභියෝග අවම කිරීම සඳහා චීන රජයේ අඛණ්ඩ සහය ලබා දෙන ලෙස ඉල්ලා සිටියේ ය. තවද, දෙරට අතර පවතින බහුවිධ සබඳතා සහ සමීප මිත්‍රත්වය දෙපාර්ශ්වයේ ඇගයීමට ලක්විය.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ චීන තානාපති කාර්යාලයේ නිලධාරීහු  මෙම හමුව සඳහා සහභාගී වූහ.

විදේශ කටයුතු අමාත්‍යාංශය

කොළඹ

2022 ජූනි 05 වැනි දින

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිරුණු සඳක්, නම රැඳි දූපතක් සහ කිසිදා නොමැකෙන ආදරයක්! 

සටහන – පුලී ජනවාරි 08, කොළඹ (LNW): නෙකර් දූපතට ආ අමුතුම...

හරිනිගේ වැටීම සහ රටේ පැවැත්ම!

ජනවාරි 08, කොළඹ (LNW): ඕනෑම සම්මතයකට අනුව, හරිනි අමරසූරියගේ...

වෙනිසියුලාවේ බොරතෙල්වල අයිතිය ඇමරිකාවට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වෙනිසියුලාව සිය බොර...