CIDයට අල්ලන්න බැරි ජොනීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් !

Date:

තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මයිනාගෝගමට සහ ගෝටාගෝගමට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් තමන්ව නම් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එසේ තමන්ව අත් අඩංගුවට ගැනීම නීතියට පටහැණි හෙයින් එය වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ මහතා සිය පෙත්සමෙන් අයදුම් කර ඇති බව සඳහන්.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවට පොලිසිය ප්‍රකාශ කළත් මෙතෙක් දින ගණනක් තිස්සේම ඔහුව අත් අඩංගුවට ගැනීමට CIDයට කිසිදු හැකියාවක් ලැබී නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආකාශ්ගේ තර්ජන මැද කොදෙව් තරුණයෝ ජය කණුවට ළඟා වෙති

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: ශ්‍රී ලංකා අවුරුදු 19 න් පහළ...

AI භාවිතය පිළිබඳව රජයේ විධායක නිලධාරීන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : රාජ්‍ය සේවය ඵලදායි...

නිලූක,චන්ද්‍රිකා සහ නදීශා අවසන් පූර්ව තරගවලට

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 13, කොළඹ LNW: තායිලන්තයේ පතායා කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන...

ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ජිවිතක්ෂයට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 13 කොළඹ LNW : පැවති අසනීප තත්වය...