*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

අනුර බණ්ඩාර කඩුල්ලට හේත්තු වීම

ශ්‍රී ලංකාවේ නමගිය මලල ක්‍රීඩා පුහුණුකරුවෙක් වූ අනුර බණ්ඩාර සුගත් තිලකරත්නගේ සිට මේ දක්වා ජාතික මලල ක්‍රීඩාවට දක්ෂ ක්‍රීඩකයින් රැසක් හඳුන්වා දෙන්නට දායක වූ පුහුණුකරුවෙක්.එක දිගට ඔහුගේ නම නෑසෙන නමුත් එම නිහැඬියාවන් බිඳිමින් එක්වරම ඔහු පිබිද මතු වීම සාමාන්‍ය තත්ත්වයක්.

ජීවිතයේ පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ පවා පමා කරමින් ක්‍රීඩාව දෙසට නැඹුරු වූ ජීවිතය නොනවත්වා කළමණාකරණය කරන්නට උර දෙන්නිය සමඟ දරු පැටික්කියද මේ සටහනට එකතු කරන්නේ කැපවිම් යන්න තනිව පෙණුනාට තනිම නැති බව කියන්නටයි.

කෙසේ හෝ ඊයේ සුගතදාස ක්‍රීඩංගණයේ දි ඇරඹි 2022 ජාතික කණිෂ්ඨ මලල ක්‍රීඩා සූරතාවලියේදි ත් අනුර බණ්ඩාර පිබිදෙමින් සිටින කාලයකට පිවිස තිබෙන බව පැහැදිළි වුණා.මෙවර ඔහු කඩුලු මතින් දිවීමේ ඉසව්වේ නව වෙනසකට පිවිස තිබුණා.ඔහු යටතේ පුහුණුව ලබන ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවන් දෙදෙනෙක්ම ඊයේ ඔවුන් මුහුණ දුන් කඩුලු මතින් දිවීමේ ඉසව්වේ මූලික තරගවලදි සෙසු තරඟකරුවන්ට වඩා දක්ෂතා දක්වමින් අවසාන තරඟ සඳහා සුදුසුකම් ලබා ගැනීම කැපී පෙණුනා.

අවුරුදු 20 පහළ මීටර් 400 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ දි කේඑම්ඩී දර්ශනත්,අවුරුදු 18 න් පහළ එම ඉසව්වේදි කේඑල්ඒඅකලංකත් ඒ ආකාරයට කැපී පෙනෙන දස්කම් දැක් වූවා.නිපුනි වීරකෝන් අනුර බණ්ඩාරට කලකට පසුව හමු වූ අපූරු ක්‍රීඩිකාවක් බව පැහැදිළි කරේ අවුරුදු 16 න් පහළ මීටර් 300 කඩුලු සහ මිටර් 100 කඩුලු ඉසව්වලින් අවසාන තරගයට තේරීමට අමතරව දුර පැනිමේ අවසාන තරගයද දෙවන ස්ථානයට පැමිණෙමින්.එසේම එස්ඒඩීඅයි සෙනුරිකා ද එම වයස් ඛාණ්ඩයේම මීටර් 300 කඩුලු මතින් දිවීමේ ඉසව්වේ මූලික තරඟ නිමාවේ හොඳම කාලයට හිමිකම් කියමින් අවසාන තරගයට පිවිස සිටිනවා.

පළමු දිනය නිමා වන විට ක්‍රීඩා උළෙලට නව තරග පහක් එක් වී තිබුණා.බාලිකා වාර්තා තුනක් සහ බාලක වාර්තා දෙකක් ඒ අතර වෙනවා.බාලිකා වාර්තා අතරට චාවකච්චේරිය හින්දු විද්‍යාලයේ පරන්තතමාන් අභිෂාලිනි අවුරුදු 18 න් පහළ රිටි පැනීමේ ඉසව්වෙන් වාර්තාවක් තැබුවේ මීටර් 3.15 ක දක්ෂතායක් ප්‍රදර්ශනය කරමින්.මධුෂානි හේරත් බිබිල නන්නපුරාව මහා විද්‍යාලය නියෝජනය කරමින් මීටර් 5.98 ක දුරක් පනිමින් අවුරුදු 18 න් පහළ බාලිකා දුර පැනීමේ වාර්තාව ඇයගේ නමට ලියා ගනු ලැබුවා.බාලිකා අවුරුදු 16 න් පහළ හෙල්ල වීසි කිරීමේ ඉසව්ව මොරටුව වේල්ස්කුමරි විද්‍යාලයේ කේෂාවි උදේශානි ජය ගත්තේ මීටර් 37.42 ක දක්ෂතාවයක් දක්වමින් එම ඉසව්වේ නව වාර්තා හිමිකාරිය වෙමින්.

බාලන අංශයේ නව වාර්තාලාභින් වූවේ රාජකීයන් දෙදෙනෙක්.එක් රාජකීයෙක් පානදුර රාජකිය නියෝජනය කළ අතර රණිදූ අල්විස් වන ඔහු අවුරුදු 16 න් පහළ යගුලිය ඉසව්වෙන් මීටර් 16.98 දක්ෂතාවයක් දක්වමින් එහි නව වාර්තාවේ හිමිකරු බවට පත් වුණා.බාලක අවුරුදු 20 න් පහළ මීටර 110 කඩුලු මතින් දිවිමේ ඉසව්වේ ජයග්‍රහණය හිමි වුණේ කොළඹ රාජකීය විද්‍යාලය නියොජනය කළ නඳුන් බණ්ඩාරට.ඔහු තත්පර14.14 න් එම ඉසව්ව නිමා කරමින් නව තරඟ වාර්තාවක් තබන්නට සමත් වුණා.

අද තරගාවලියේ දෙවන දවසයි.

RM

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan