CIDයට අල්ලන්න බැරි ජොනීගෙන් අභියාචනාධිකරණයට පෙත්සමක් !

තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මයිනාගෝගමට සහ ගෝටාගෝගමට පහරදීම සම්බන්ධයෙන් සැකකරුවකු වශයෙන් තමන්ව නම් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එසේ තමන්ව අත් අඩංගුවට ගැනීම නීතියට පටහැණි හෙයින් එය වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් ඒ මහතා සිය පෙත්සමෙන් අයදුම් කර ඇති බව සඳහන්.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව අත් අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවට පොලිසිය ප්‍රකාශ කළත් මෙතෙක් දින ගණනක් තිස්සේම ඔහුව අත් අඩංගුවට ගැනීමට CIDයට කිසිදු හැකියාවක් ලැබී නැත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඇමරිකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට(ICC) එරෙහිව නව සම්බාධක පනවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 10: ජාත්‍යන්තර අපරාධ...

ඥානසාර හිමිගේ සිර දඬුවම සම්බන්ධ කටයුතු කෙරුණු ආකාරය ගැන රනිල්ගෙන් ප්‍රකාශයක්

පසුගිය යහපාලන රජය සමයේදී ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට සිර...

බන්ධනාගාර රෙගුලාසි සහ නිත්‍ය නියෝග යාවත්කාලීන කිරීමට පත් කළ විශේෂ කමිටුව රැස්වෙයි!

කොළඹ LNW:ත්‍රෛනිකායික මහා සංඝරත්නය සහ ජනාධිපති අනුර කුමාර දිසානායක...

පාඩු පිට දිව්ව තැපෑල රුපියල් මිලියන 15,000 ක ආදායම් ඉලක්කය කරා යයි!

කොළඹ LNW:අද (09) දිනට යෙදෙන ලෝක තැපැල් දිනය වෙනුවෙන්...