*
Tuesday, September 17, 2024
spot_img

Latest Posts

ඇපල් සමාගමට යුරෝපා කොමිසමෙන් නව නීතියක්

යුරෝපා කොමිසම විසින් ඊයේ (07) දින වන විට ඇපල් සමාගම වෙත දැනුම් දී තිබුණේ යුරෝපය තුළ අළෙවි කරන ඇපල් සන්නාමයට අයත් දුරකතන , ලැප් ටොප් ,කැමරා , ටැබ් පරිගණක , හෙඩ් ෆොන් මෙන්ම handheld game consoles යන ජංගම උපාංග සඳහා USB-C charging port භාවිතා කළ යුතු බවයි.

ඒ අනුව ආරෝපණ වයරයන් ප්‍රමිතිගත කිරීමේ පියවරක් වශයෙන් මෙන්ම , විද්‍යුත් අපද්‍රව්‍ය සීමා කිරීමේ මාර්ගයක් වශයෙන් මෙ ක්‍රියාත්මක වන බව ඔවුන් ප්‍රකාශ කරයි.

CCS Insightහි ප්‍රධාන විශ්ලේෂක බෙන් වුඩ් ප්‍රකාශ කර තිබුණේ ” මෙය සාමාන්‍ය බුද්ධියේ ජයග්‍රහණයක් බවත් , පාරිභෝගිකයන් විවිධ Charging port හේතුවෙන් වෙහෙසට පත්ව ඇති බවත්ය.”

USB-C සාමාන්‍යයෙන් තරඟකාරී ප්‍රමිතීන්ට වඩා වේගවත් ආරෝපණ සහ හුවමාරු වේගයක් ඇති අතර කේබල් සොයා ගැනීමට සහ භාවිතා කිරීමට පහසුය.

ලොව පුරා ඇපල් සන්නාමයට අයත් ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතා කරණ පිරිස බිලියන 01 ඉක්මවා ඇත.

වත්මන් ඇපල් සන්නාමයට අයත් සියලුම මාදිලියේ ඉලෙක්ට්‍රොනික උපාංග ආරෝපණය කිරීමට පමණක් සීමා වූ charging port භාවිතා වේ. එමෙන් ම රැහැන් රහිත ආරෝපණය දැනටමත් සම්පූර්ණ iPhone පෙළගැස්ම හරහා සහය දක්වා ඇත. එමෙන් ම 2012 සිට නිකුත් කරන ලද iPhone Apple හි සෑම මාදිලියක්ම Lightning port එකක් සමඟ පැමිණ තිබේ.

කෙසේ නමුත් 2024 වන විට , එක හා සමාන charging port භාවිතා කිරීම සිදු විය යුතු බවත් , ඒ මඟින් පාරිභොගික කටයුතු පහසු විය යුතු බවත් යුරෝපා කොමිසම තව දුරටත් ප්‍රකාශ කර තිබේ.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan