ස්වාධීන වූ චම්පික 65 වැනි සේනාංකය හදන ලකුණු !

සමගි ජන බලවේගයෙන් ඉවත්ව ස්වාධීන වූ පාඨලී චම්පික රණවක මහතා ඉදිරියේදී නව දේශපාලන පෙරමුණක් නිර්මාණය කිරීමට සූදානම් වන බව ඒ මහතාගේ පවුලේ සමීප ආරංචිමාර්ග පවසයි.

ඒ අනුව දැනට ස්වාධීන වී සිටින මන්ත්‍රීවරුන් ඇතුළුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් 45 දෙනෙකුත් සමගි ජන බලවේගයෙන් 15 දෙනෙකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 03 දෙනෙකුත් මෙම නව පෙරමුණට එකතු වීමට නියමිත බව සඳහන්.

මීට අමතරව දැනට ආණ්ඩුවට එක්ව අමාත්‍ය ධුර භාරගෙන සිටින හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර මහත්වරුන්ගේ සහාය ද චම්පික රණවක මහතාගේ නව පෙරමුණට ලැබෙනු ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම මෙම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව නව පෙරමුණක් වශයෙන් සංවිධානය කරගත් වහාම පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය ද ලබාගැනීමට රණවක මහතා සූදානමින් සිටින බවත් වාර්තා විය.

චම්පික රණවක මහතා මේ වනවිට දේශපාලනය කරගෙන යන්නේ සේනාංක ක්‍රමයට නිසා මෙම නව පෙරමුණ “65 වැනි සේනාංකය” වශයෙන් නම් කිරීමට ද බැරි නැත ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාස්කු ප්‍රහාරය : යුධ හමුදාවේ, රාජ්‍ය බුද්ධි සේවයේ පිරිසකට සහ යුධ හමුදා බුද්ධි අංශයට බරපතළ චෝදනා

පාස්කු ප්‍රහාරය සිදුවන බවට කලින්ම තොරතුරු ලැබී තියදීත් එම...

සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කිරීම වැළැක්වීමට ඉතා ඉක්මනින් Online Safety පනත ගේනවා – නලින්ද

සාමය, සංහිඳියාවට එරෙහිව මෙන්ම පුද්ගලික නිදහස සම්බන්ධයෙනුත් සමාජ මාධ්‍ය...

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...