ජොනිව අත්අඩංගුවට ගන්නැයි වරෙන්තු නිකුත් කරයි

Date:

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුව අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර තිබේ.

ඒ,අධිකරණය මගහැර සිටීම සහ නියමිත ස්ථානවල රැඳී නොසිටීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නිකුත් කරන්නැයි නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය.

එම ඉල්ලීම සැලකිල්ලට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම වරෙන්තුව නිකුත් කර ඇත.

මැයි 9 වන දා අරලියගහ මන්දිරය ඉදිරිපිට මයිනාගෝගම සහ ගාලුමුවදොර ගෝඨාගෝගම ඇති වූ සිද්ධීන්ට අදාළව තමන් සැකකරුවකු වශයෙන් තමන්ව නම් කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එසේ තමන්ව අත් අඩංගුවට ගැනීම නීතියට පටහැණි හෙයින් එය වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් හිටපු ඇමතිවරයා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොණු කර තිබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)

කොළඹ LNW:ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව...

පාවාදුන් ෆැන්ටසි එකක මිල කීයද ?

නෙදර්ලන්තේ අගමැති මාක් රටට් ෆූටාර් පාගල් හේ වැඩට එන...

ඉන්දියාවේ ත්‍රස්ත ප්‍රහාරය: වෛද්‍යවරු තිදෙනෙක් අත්අඩංගුවට – අගමැති මෝදීගෙනුත් විශේෂ ප්‍රකාශයක්!

කොළඹ LNW:ඉන්දියාවේ නවදිල්ලි අගනුවර සුප්‍රකට රතු බලකොටුව ආසන්නයේ සිදු...

පාකිස්ථානයේත් මරාගෙන මැරෙන පිපිරීමක්: මියගිය ගණන 12ක් දක්වා වැඩිවෙද්දී තවත් 27කට තුවාල!

කොළඹ LNW:පාකිස්ථානයේ ඉස්ලාමාබාද්හි අධිකරණ සංකීර්ණයක් තුළ අද (11) සිදුවූ...