ධම්මිකගේ පාර්ලිමේන්තු ආගමනයට ජනපතිගේ අනුමැතිය !

Date:

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ කැබිනට් අමාත්‍යවරයකු වශයෙන් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද අනුමැතිය ලබාදී ඇති බව වාර්තා වේ.

එහිදී ධම්මික පෙරේරා මහතා බලාපොරොත්තු වන අමාත්‍ය ධුරය කුමක්ද යන්න පිළිබඳ විමසීමක් සිදුව ඇති අතර තමන්ට එවන් නිශ්චිත විෂය පථයක් අවශ්‍ය නොමැති බවත් සියලුම අමාත්‍යාංශ සමග සම්බන්ධීකරණය කරමින් රටේ වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා සියලුම දෙනා සමග එක්ව කටයුතු කිරීම තමන්ගේ කැමැත්ත බවත් ඒ මහතා දැනුම් දී ඇති බව සඳහන්.

ඒ අනුව කාර්යභාරයක් නොමැති කැබිනට් අමාත්‍ය ( Cabinet minister without portfolio ) වශයෙන් ධම්මික පෙරේරා මහතාව පත්කෙරෙනු ඇති බවයි ආරංචිමාර්ග ප්‍රකාශ කළේ.

එමෙන්ම සියලු අමාත්‍යවරුන් සමග එක්ව වත්මන් විදේශ විනිමය අර්බුදයට විසඳුම් වශයෙන් ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් කර ඇති යෝජනා සහ රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මීට වසර තුනකට පෙර “2030 ශ්‍රී ලංකාව – සංවර්ධිත රටක්” මැයෙන් ඉදිරිපත් කරන ලද ආර්ථික සංවර්ධන ක්‍රමෝපාය සහ ක්‍රියාකාරී සැලැස්මේ යෝජනා ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා අනුමැතිය ලබාදී ඇති බවත් වාර්තා විය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවේ අසාම් ප්‍රාන්ත මහඇමතිවරයාගේ ආන්දෝලනාත්මක AI වීඩියෝවක් එළියට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ මහඇමතිවරයා මුස්ලිම්...

Super Bowl halftime performance වලින් පස්සේ Bad Bunny ගේ විපර්යාසය! ට්‍රම්ප්ගෙනුත් සැර ප්‍රකාශයක්!

පුවතේ Audio පිවිසුම වෙත; පුවතේ Video පිවිසුම වෙත; https://youtu.be/3D3OJCqM0NQ සටහන – පුලී පෙබරවාරි...

මධ්‍යධරණී මුහුදේ සංක්‍රමණික බෝට්ටුවක් පෙරලීමෙන් 53 දෙනෙකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 09, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ලිබියානු වෙරළට ඔබ්බෙන්...

රුසියාවෙන් යුක්රේනයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 09, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුක්රේනයට එල්ල වූ...