රටම අඳුරේ තැබුවොත් ඉන්දියාවෙන් තෙලුත් නැතිවෙයි – රනිල් ලංවිමට අනතුරු හඟවයි

Date:

විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති හෙට (09) දිනයේදී ක්‍රියාත්මක කිරීමට යන වැඩවර්ජනය තුළින් රටේම විදුලි සැපයුම අක්‍රිය කර රට අඳුරේ තැබුවහොත් ඉදිරියේදී කිසිදු රටකින් ණයට ඉන්ධන සහ ගල් අඟුරු ලබාගැනීමට ද නොහැකි වනු ඇති බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අනතුරු හඟවයි.

විරෝධතා පැවැත්වීම සහ උද්ඝෝෂණය කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නොමැති වුවත් රටම අඳුරේ තැබුවහොත් ඉන්දියාව තවදුරටත් ඉන්ධන ලබාදෙනු ඇතැයි වගකීමට තමන්ට නොහැකි අතර රට අඳුරේ තැබුවහොත් ඉන්දියාවෙන් ඉන්ධන ඉල්ලන්නැයි තමන්ට නොපවසන ලෙස ද ඒ මහතා සඳහන් කළේය.

අපේ ප්‍රශ්න විසඳා ගැනීමට අපට හදිසියක් නොමැති නම් වෙනත් රටවල් අපට උදව් කරාවිදැයි විමසූ ඒ මහතා ශ්‍රී ලංකාවට ඉන්ධන ලබාදෙනවාට ඉන්දියාවේම ඇතැම් පාර්ශ්ව දැනටමත් විරුද්ධ බවත් සිහිපත් කළේය.

ජාත්‍යන්තරයේ රටවල් සැමවිටම කියන්නේ “තමුන්නාන්සෙලා තමුන්නාන්සෙලාට උදව් කරගන්න, ඊට පසුව අපි උදව් කරන්නම්” යැයි කියා බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ අද (08) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමිනි.

කෙසේවෙතත් විදුලිබල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමය ස්ථිරවම ප්‍රකාශ කර ඇත්තේ අද මධ්‍යම රාත්‍රියේ සිට සියලු විදුලිබල මණ්ඩල සේවකයින් වැඩවර්ජනය කරනු ඇති බවත් ඒ අනුව හෙට උදෑසන 8.00 පමණ වනවිට මුළු දිවයිනේම විදුලිය සැපයුම නවතිනු ඇති බවත් ය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

පලස්තීනයේ නිදහස් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණයක! (PHOTO STORY)

කොළඹ LNW:ඇමරිකන් - ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට විරෝධය පළකරමින්...

පුත්තලමේත් සමඟියේ සභිකයෙකුට පක්ෂයේ දොර වැහෙයි!

කොළඹ LNW:පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය...

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු...