රනිල්ගේ සන්ධානය එළිදක්වන දිනය ගැන රවීගෙන් ඉඟියක්

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වෙනුවෙන් පිහිටවූ නව කමිටුවේ ජාතික ලේකම්, හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

“ජනාධිපතිවරණයට අපි නිර්පාක්ෂිකව රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරලා අපි සියලුම පක්ෂවල සහයෝගය පාවිච්චි කරලා අපි ඒ මහ ඡන්දයටත් අපි ඉදිරිපත් වෙනවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ නිශ්චිත වශයෙන්ම ජනාධිපතිතුමා තරග කරනවාද ?

“අනිවාර්යයෙන්ම”

ප්‍රශ්නය – දැන් ඔබතුමන්ලා පොදුජන පෙරමුණේ සහාය ඉල්ලුවාද, පෙරේදා දවසේ සාකච්ඡාවක් තිබ්බාද පොදුජන පෙරමුණත් එක්ක ?

“නෑ, අපි හැම පක්ෂයක් එක්කම මේවා කළා. අර පක්ෂයද මේ පක්ෂයද සියලුම පක්ෂ එකතු කරලා තමයි අපි වැඩ කරන්නේ”

ප්‍රශ්නය – කවද්ද මේ පොදු සන්ධානය එළිදක්වන්නේ ?

“මම තනියෙන් උත්තර දෙනවාට වැඩිය මට කියන්න පුළුවන් වෙන්නේ, මේක තව දවස් දහයකින් දොළහකින් ඔබතුමන්ලාට පෙනේවි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම, එකමුතුභාවයක් ඇතිකිරීම, රට සංවර්ධනය කරන්න ගමන් කිරීම”

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. නව තනතුර ලැබීමෙන් පසුව ඒ මහතා පැවැත්වූ පළමු මාධ්‍ය හමුව එයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...