රනිල්ගේ සන්ධානය එළිදක්වන දිනය ගැන රවීගෙන් ඉඟියක්

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වෙනුවෙන් පිහිටවූ නව කමිටුවේ ජාතික ලේකම්, හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

“ජනාධිපතිවරණයට අපි නිර්පාක්ෂිකව රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කරලා අපි සියලුම පක්ෂවල සහයෝගය පාවිච්චි කරලා අපි ඒ මහ ඡන්දයටත් අපි ඉදිරිපත් වෙනවා”

ප්‍රශ්නය – ඒ කියන්නෙ නිශ්චිත වශයෙන්ම ජනාධිපතිතුමා තරග කරනවාද ?

“අනිවාර්යයෙන්ම”

ප්‍රශ්නය – දැන් ඔබතුමන්ලා පොදුජන පෙරමුණේ සහාය ඉල්ලුවාද, පෙරේදා දවසේ සාකච්ඡාවක් තිබ්බාද පොදුජන පෙරමුණත් එක්ක ?

“නෑ, අපි හැම පක්ෂයක් එක්කම මේවා කළා. අර පක්ෂයද මේ පක්ෂයද සියලුම පක්ෂ එකතු කරලා තමයි අපි වැඩ කරන්නේ”

ප්‍රශ්නය – කවද්ද මේ පොදු සන්ධානය එළිදක්වන්නේ ?

“මම තනියෙන් උත්තර දෙනවාට වැඩිය මට කියන්න පුළුවන් වෙන්නේ, මේක තව දවස් දහයකින් දොළහකින් ඔබතුමන්ලාට පෙනේවි ඒ සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීම, එකමුතුභාවයක් ඇතිකිරීම, රට සංවර්ධනය කරන්න ගමන් කිරීම”

රවී කරුණානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (08) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. නව තනතුර ලැබීමෙන් පසුව ඒ මහතා පැවැත්වූ පළමු මාධ්‍ය හමුව එයයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

reFocus සම්මාන උළෙල මෙවරත් විශ්මයජනක ඡායාරූපකරණයට නිසි වටිනාකමක් ලබා දෙයි!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  reFocus සම්මාන උළෙල...

විද්‍යාඥයින්ගේ ඇස් උඩ යවමින්, චන්ද්‍රිකාවක් විසින් සුනාමියක් සජීවීව ග්‍රහණය කර ගනී!

සටහන – පුලී දෙසැම්බර් 26, කොළඹ (LNW):  ප්‍රථම වතාවට, අභ්‍යවකාශයේ...

පාට හතරකින් හැඩ වෙන කාන්තා ක්‍රිකට්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 26, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කාන්තා...

හිටපු ඇමති ඩග්ලස් දේවානන්දා CID අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊපීඩීපී පක්ෂයේ නායක, හිටපු අමාත්‍ය ඩග්ලස්...