පුටින්ගේ දියණියන් ශාන්ත පිටස්බර්ග්හි ආර්ථික සංසදය නියෝජනය කරයි

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 09,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ දියණියන් වන මරියා වොරොන්ට්සෝවා සහ කැටරිනා ටිකෝනෝවා ශාන්ත පීටර්ස්බර්ග්හි ජාත්‍යන්තර ආර්ථික සංසදය වෙනුවෙන් ප්‍රසිද්ධියේ සහභාගිව ඇති බව වාර්තා වේ.

තාක්ෂණික විධායක නිලධාරියෙකු වන කැටරිනා ටිකෝනෝවා ජාතික බුද්ධිමය සංවර්ධන පදනමේ (NIDF) සාමාන්‍ය අධ්‍යක්ෂවරිය ලෙස සංසදයේ කථිකයන්ගේ ලැයිස්තුවේ ලැයිස්තුගත කර තිබිණ. සංසදයේදී ඇයගේ අදහස් දැක්වීමේදී, ඇය සිවිල් හා හමුදා ක්ෂේත්‍රයට අදාළ නවෝත්පාදනයන් සහ තාක්ෂණයන් ආනයනය කිරීම ඉවත් කිරීම පිළිබඳව කරුණු දක්වන ලදී.

රුසියානු ජනාධිපතිවරයාගේ වැඩිමහල් දියණිය වන මරියා වොරොන්ට්සෝවා ජෛව තාක්‍ෂණය සහ ජෛව නිෂ්පාදනයේ නවෝත්පාදනයන් පිළිබඳව සංසදයේදී අදහස් දක්වනු ලැබූ අතර ඇය විද්‍යාව ප්‍රවර්ධනය සඳහා රුසියානු සංගමයේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරයි.

තම දියණියන් විද්‍යාවේ සහ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කරන බවත් ඔහුට මුණුබුරන් සිටින බවත් ඔවුන් දේශපාලනයට සම්බන්ධ නොවන බවත් සාමාන්‍ය ජීවිතයක් ගත කරන බවත් රුසියානු ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කර තිබු නමුත් ඔහු කිසි විටෙකත් ඔවුන්ගේ නම් තහවුරු කර නොතිබිණි.

ජනාධිපතිවරයා එම තොරතුරු ඉතා අප්‍රකටව තබාගනු ලැබූ අතර මෙම දියණියන් රිසියානු ජනාධිපතිවරයාගේ පළමු විවාහය වන ලියුඩ්මිලා සමග වූ විවාහයේ දරුවන් වන අතර වසර 30ක විවාහ ජීවිතයකින් අනතුරුව ඔවුන් 2013 වසරේදී දික්කසාද විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සයිනොපෙක් තෙල් මිලත් ඉහළට!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:සයිනොපෙක් සමාගම විසින් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක...

වසර 11කට පසු බ්‍රිටිෂ් එයාවේස් යළි ශ්‍රී ලංකාවට

වසර 11කට වැඩි කාලයකට පසු පළමු වරට ශ්‍රී ලංකාව...

තියුණු සටනකින් අනතුරුව බ්‍රසීල ජනාධිපතිවරණය ලූලා ද සිල්වා ජයග්‍රහනය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: ඊයේ(26)දිනයේ දී...