ලබන වසරට අතුරු සම්මත ගිණුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 , කොළඹ (LNW):

මෙම වර්ෂය ප්‍රධාන මැතිවරණයක් පැවැත්වීමට නියමිත වර්ෂයක් බවත්, මීට පෙරද එවැනි අවස්ථාවලදී මේ ආකාරයෙන් අතුරු සම්මත ගිණුම් සම්මත කරගෙන තිබෙන බවත්, මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ අනුව, 2025 වර්ෂය වෙනුවෙන් අයවැය වාර්තාවක් ඉදිරිපත් නොකරන බවත් ඒ වෙනුවට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවත් ,රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

සියඹලාපිටිය එහිදී පවසා සිටියේ, 2024 වර්ෂය වෙනුවෙන් සම්මත කරන ලද අයවැය වාර්තාව මගින් , 2024 දෙසැම්බර් මස 31 වනදා දක්වා පමණක් ආදායම් වියදම් සිදු කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය ලැබී ඇති බවත්, ඒ අනුව 2025 වර්ෂය සඳහා වෙනම අයවැය ලේඛනයකින් අනුමැතිය ගත යුතු බවයි,

අමාත්‍යවරයා තවදුරටත් පැවසූවේ, මේ වසරේ ජනාධිපතිවරණයක් පැවත්වීමට නියමිත බැවින් එහිදී එක් එක් අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ ඉතා වැදගත් බවත් , එම ප්‍රතිපත්ති ප්‍රකාශ ක්‍රියාත්මක කිරීමට වැදගත්ම ලේඛනය වූ අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස ඉඩක් තබා 2025 මුල් කාර්තුව වෙනුවෙන් මෙලෙස අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවයි.

ජනාධිපතිවරණය අභිමුව තිබියදී වඩාත් ආකර්ශනීය යෝජනා ඇතුළත් කොට ඊළඟ වසර සඳහා අයවැය යෝජනා ඉදිරිපත් කිරීමට රජයට ඕනෑ තරම් අවස්ථාව ඇතත් ලොව පිලිගත් වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී පියවරක් අනුගමනය කරමින් රාජ්‍ය නායකයා ලෙස ජනාධිපතිවරයා ආර්ථිකය සහ දේශපාලන , ආර්ථිකය සහ ඡන්ද ව්‍යාපාරය පටලවා නොගෙන මේ ආකායෙන් අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කිරීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් ක්‍රියාවක් බවද පැවසූ අමාත්‍යවරයා, එසේම අතුරු සම්මත ගිණුම මගින් කිසිදු නව යෝජනාවක් ගෙන එන්නේ නැති බවත් , ඒ තුළින් මේ දක්වා සිදුකළ රාජ්‍ය සේවක වැටුප ගෙවීම, අස්වැසුම ඇතුළු අනිකුත් වියදම් සිදුකිරීමට පමණක්ම අවසර ගන්නා බවත් අමාත්‍යවරයා එහිදී පැහැදිළි කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පොහොර මිල වැඩිකරලත් නෑ.හිඟයකුත් නෑ – අනවශ්‍ය වැඩ එපා. නීතිය ක්‍රියාත්මකයි!

කොළඹ LNW: පොහොර හිඟයක් ඇති කිරීමට හෝ අධික මිලට...

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මියගිය සංඛ්‍යාව 400 දක්වා ඉහල යයි

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ජූනි 13 වන...

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...