තවත් මූල්‍ය වංචාවක් ජාතික විගණන වාර්තාවකින් හෙළිවෙයි!

සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 , කොළඹ (LNW):

ගාල්ල සමුද්‍ර කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි 2014 ජනවාරි සිට 2022 අගෝස්තු මස දක්වා කාලය තුළදි රුපියල් 1,652,605 මුල්‍ය වංචාවක් සිදුවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වන බවත්, කෞතුකාගාරයේ ප්‍රවේශපත්‍ර ආදායම බැංකුගත කිරිමේ දි සිදුවි ඇති මුල්‍ය අක්‍රමිකතා පිළිබද 2023 මැයි මස 31 දින ඉදිරිපත්කොට ඇති මුලික විමර්ශන වාර්තාව අනුව මෙම තොරතුරු අනාවරණය වි ඇති අතර ඒ අනුව කෞතුකාගාර දේපාර්තමේන්තුව වෙත අහිමිකර ඇති සමස්ථ ආදායම රුපියල් 1,652,605 ක මුදලක් බවද මෙකි වාර්තාවේ සදහන් වන බවත් පැවසේ.

විගණන වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වන්නේ, අලෙවිකළ ප්‍රවේශ පත්‍ර ආදායම් පිළිබද දෛනික ලේඛන තුලනය කිරිමත්, මුදල් බැංකුගත කිරිමත්, අක්‍රමිකතාවයට වගකිවයුතු ස්ථානභාර නිලධාරියා විසින් සිදුකොට තිබු බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...