අපි පැහැදිලිවම 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරනවා – උතුරේදී සජිත්ගෙන් රටටම ප්‍රතිඥාවක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

සමගි ජන බලවේගයේ රජයක් යටතේ 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පැහැදිලිවම ක්‍රියාත්මක කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

අනෙකුත් දේශපාලන නායකයින් රටේ එක් එක් ප්‍රදේශවලදී එක එක කතා කියමින් ගියත් තමන් එසේ නොවන බව පැවසූ විපක්ෂ නායකවරයා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට තමන් මැලි වෙන්නේ හෝ පසුබට වෙන්නේ නොමැති බවයි අවධාරණය කළේ.

“මම කියන්න කැමතියි අනෙකුත් නායකයෝ එක එක බොරු, එක එක අවස්ථාවල, එක එක පැතිවලට කියනකොට අපි පැහැදිලිවම කියලා තිබෙනවා 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ක්‍රියාත්මක කරනවායි කියලා. ජාත්‍යන්තර කම්කරු දිනයේදීත් අපි ඒ ප්‍රතිඥාව ලබාදුන්නා. අද මේ උතුරටත් ඇවිල්ලා අපි අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, උත්තරීතර නීති පොතේ තිබෙන 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අපි ක්‍රියාත්මක කරනවායි කියන එක උතුරේත්, නැගෙනහිරත්, දකුණේත්, බස්නාහිරත් රටේ පළාත් නවයේම ජනතාවට අපි ඒ ප්‍රකාශය කරනවා. ඒක ක්‍රියාත්මක කරන්නට අපි මැලිවෙන්නේ නෑ. අපි පසුබට වෙන්නේ නෑ. ඒක අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ, නීති පොතේ තියෙන දෙයක්. ඒ නීති පොතේ තියෙන දෙය ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරනවා. ඒ තුළින් මේ ප්‍රදේශයේ ජනතාවගේ දේශපාලන අයිතිය, සමාජයීය අයිතිය, ආර්ථික අයිතිය, ආගමික අයිතිය, සංස්කෘතික අයිතිය අපි ලබාදෙනවා”

සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ “සක්වල” වැඩසටහනේ 225 වැනි අදියර යටතේ කිලිනොච්චිය භාරතී විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට අද (09) එක්වෙමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...