නව යුරෝපීය පාර්ලිමේන්තුව තෝරා පත් කර ගැනීම සඳහා යුරෝපා සංගමයේ රටවල් 20 ක ඡන්ද විමසීම් ඇරඹේ

Date:

සටහන: සශිකලා මධුෂාණි, ජුනි 09,
ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ) : යුරෝපීය සංගමයේ (EU)නව පාර්ලිමේන්තුව වෙනුවෙන් නියෝජිතයන් 720 දෙනෙකු තොර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණය මධ්‍යයේ යුරෝපීය සංගමයේ රටවල් 27ක පැවැත්වෙන බව වාර්තා වේ.

යුරෝපීය සංගමය යුරෝපයේ පිහිටා ඇති සාමාජික රාජ්‍ය 27 කින් සමන්විත දේශපාලන හා ආර්ථික සංගමයක් වන අතර මෙහි වෙළඳපොළ තුළ මිනිසුන්, භාණ්ඩ, සේවා සහ ප්‍රාග්ධනයේ නිදහස් සංචලනය සහතික කිරීම අරමුණු කරයි. යුක්තිය සහ ස්වදේශ කටයුතු සම්බන්ධයෙන් නීති සම්පාදනය කිරීම සහ වෙළඳාම,කෘෂිකර්මය, ධීවර කර්මාන්තය සහ ප්‍රාදේශීය සංවර්ධනය පිළිබඳ පොදු ප්‍රතිපත්ති පවත්වාගෙන යාම, පොදු විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තිය හරහා සංගමය බාහිර සබඳතා සහ ආරක්ෂාව සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම, ලොව පුරා ස්ථිර රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල පවත්වාගෙන යාම ඇතුලත් මොවුන් යුරෝ මුදල් භාවිතා කරන සාමාජික රටවල් 27 කින් සමන්විත කණ්ඩායමකි.

එක්සත් රාජධානිය හැර මෙවර මැතිවරණ මිලියන 450 ක පමණ ජනතාවක් සිටින සමූහයක් කෙරෙහි බලපැවැත්වෙන අතර පසුගිය වසර පහ තුළ යුරෝපා සංගමය යුක්රේනයේ යුද්ධය, කොරොන වයිරස් වසංගතය, ආර්ථික පසුබෑමක් සහ බලශක්ති අර්බුදයකින් පසුබෑමට ලක් විය.

මෙවර මැතිවරණය රුසියාව, චීනය සහ එක්සත් ජනපදය සමඟ කාර්මික එදිරිවාදිකම්, දේශගුණික විපර්යාස සහ සංක්‍රමණ ඇතුළු අභියෝගවලට යුරෝපීය කන්ඩායම මුහුණ දෙන ආකාරය අනුව හැඩගස්වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...