සටහන – රෂිකා හෙන්නායක ජුනි 09 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
අමෙරිකාව සහ ප්‍රංශය විසින් යුක්රේනයට අඛණ්ඩව සහය ලබා දෙන බව යළි අවධාරණය කරයි. ඒ, දෙරටේ නායකයින් අතර පැවති හමුවේදී බව එරට මාධ්‍ය වාර්තා කරයි.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් පැරිස් නුවරදී හමු වූ බවට විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර, අමෙරිකාව ඇතුළු බටහිර රටවල් යුක්රේනයට අඛණ්ඩව සහය දිය යුතු බව ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව සඳහන් වේ.