නිලූක දෙවන සූරතාවත් දිනයි

Date:

නිශ්මං රණසිංහ ජුනි 09, කොළඹ LNW:

නිලූක කරුණාරත්න අද දවසේ මාස්ටර්ස් බැඩිමින්ටන් තරගාවලියේ දෙවන සූරතාවය අත් කර ගන්නට සමත් වුණා.ඔහු දෙවන සූරතාවය දිනා ගත්තේ ෆ්‍රිස් මේනකී සමඟ එක්ව අවුරුදු 110 එකතුව පිරිමි යුගල කාණ්ඩයේදී දුමින්ද ජය‍කොඩි සහ ක්ලැරන්ස් හෝමර්ව පරාජයට පත් කරමින්ය.


ඔහු පළමු වරට ඉදිරිපත් වූ තරගය වූයේ අවුරුදු 35 න් ඉහළ පිරිමි තරගයයි.එහිදී ප්‍රතිවාදි ඉන්දීය ක්‍රීඩකයා වූ ප්‍රේම් සිං චවුහාන් තරගයේ පළමු වටයේදීම නිලූක ලකුණු 20 – 9 ක් ලෙස ඉදිරියෙන් සිටියදී තරගයෙන් ඉවත් වන්නට තීරණය කරනු ලැබුවා.චවුහාන් හොඳ තරගයක් දෙමින් තරගයට පිවිසෙන්නට උත්සාහ කළත් ආබාධිත තත්ත්වය නිසා ජාත්‍යන්තර මට්ටමෙන් කැපී පෙණුන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා තුන් වරක් සහභාගි වී ඇති නිලූක වැන්නෙකු ඉදිරියේ සුළු ආබාධිත තත්ත්වයක් වුව ක්‍රීඩා කිරීම නිසැක පරාජයක් බව දැන ගත් චවුහාන් පළමු වටයේදීම ලකුණු 20 – 9 ක් ලෙස නිලූක ඉදිරියෙන් සිටියදී තරගයෙන් ඉවත් වුණා.


චවුහාන්ගේ ආබාධය නිසා අතරමග තරගයෙන් ඉවත් වීමෙන් නිලූකට ලැබුණ විවේකි සහනයේ අතුරුප භුක්ති විඳින්නට සිඳු වූයේ හිටපු තවත් ජාතික සූරයෙකු වූ දුමින්ද ජයකොඩිට සහ තවත් දක්ෂ බැඩිමින්ටන් ක්‍රීඩකයෙකු වූ ක්ලැරන්ස් හෝමර්ටයි.වයස අවුරුදු 110 එකතුව සහිත යුගල අවසාන තරගයේදී දුමින්ද සහ ක්ලැරන්ස් හෝමර් ගේ වයස් ආසන්න තත්ත්වයක් මත 110 ඉක්මවා ගියත් නිලූකගේ සහයකයා වූ ඉන්දුනීසියා ජාතික ෆ්‍රිට්ස් මේනකී නිලූක ගේ වයසේ දෙගුණයකට ආසන්න තරමට වියපත් බැවින් මේ තරගයේ නිලූක සහ ෆ්‍රිට්ස්ගේ ජයග්‍රහණයේ ප්‍රධානම සාධකය නිලූකගේ හැකියාව බවට පත්ව තිබුණා.
පළමු වටය 21 – 18 ක් ලෙස ඉහළ තරගකාරී මට්ටකින් නිලූක සහ ෆ්‍රිට්ස් ජය ගත්තත්, යම් පාලනයක් අතට ගැනීමට දුමින්ද සහ හෝමර් ද සමත්ව සිටියා.එහි දිගුවක් ලෙස දෙවන වටයේදී යම් ආකාරයකට ලකුණු ගණනාවකදී එම දෙපළ ඉදරියෙන් සිටියත් නිලූක තරගය සිය සගයා සහ තමන් වෙනුවෙන් අතට ගනිමින් දෙවන වටය පළමු වටයටත් වඩා හොඳ ජයක් කරා මෙහෙයවා ලකුණු 21 – 13 ක් ලෙස නිමා කරන්නට සමත් වුණා.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මම පොඩි කාලෙ ඉඳන් බිස්නස් කළා. ඔය කෝටි 27.5ක වත්කම් මගේ අවුරුදු 28ක මහන්සිය – ඇමති වසන්ත සමරසිංහ

තමන්ගේ වත්කම් - බැරකම් ප්‍රකාශයේ සඳහන් කර ඇති රුපියල්...

NPP,JVP එරෙහි බලවේගයක් හදන්න නම් විපක්ෂයට එකතු වෙන්නම වෙනවා – තිස්ස

කොළඹ LNW: මේ මොහොතේ ආණ්ඩුවට එරෙහිව දේශපාලන බලවේගයක් ගොඩනැගීමට...

ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉදිරියෙන් සිටි පතායා තරගාවලිය අතර තුර පටාමා සහ රොහාන් අතර හමුවක්

නිශ්මං රණසිංහ  සැප්තැම්බර් 16, කොළඹ LNW: තායිලන්තයේ පතායා හී පැවති ලොව නන්...

හමාස් විනාශ කිරීමේ සැලසුම් වෙනුවෙන් ඊශ්‍රායලයට සිය පුර්ණ සහයෝගය හිමිවන බව ඇමරිකානු රාජ්‍ය ලේකම් කියයි

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 16: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද...