මානුෂිය ආධාර රැගෙන පැමිණි මැඩ්ලීන් නෞකාව ඊශ්‍රයල ආරක්ෂක අංශ යටතට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 09; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉතාලියේ සිසිලි දූපතෙන් පිටත් ව ගාසා තිරයට සහල් සහ ළදරු කිරිපිටි ඇතුළු සංකේතාත්මක ආධාර රැගෙන එමින් තිබු මැඩ්ලීන් නෞකාව ඊශ්‍රයල ආරක්ෂක අංශ යටතට පත්ව ඇති බව වාර්තා වේ.

මැඩ්ලීන් යාත්‍රාවේ මුහුදු ගමන අධීක්ෂණය කරන Madleen Tracker වෙබ් අඩවිය දක්වා ඇති පරිදි දේශගුණික ක්‍රියාකාරිනියක වන ග්‍රේටා තුන්බර්ග් ඇතුළු බ්‍රසීලය, ප්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය, ස්වීඩනය සහ තුර්කිය යන රටවල ක්‍රියාකාරීන් රැගත් යාත්‍රාව මේ වන විට මධ්‍යධරණී මුහුදේ ගාසා තීරය ආසන්නව දැකිය හැකි බව කියවේ.

ජීවිතාරක්ෂක කබා පැළඳ සිටින පුද්ගලයින් දෑත් ඉහළට ඔසවාගෙන වාඩි වී සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් මේ වන විට අන්තර්ජාලය තුළ සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ඊශ්‍රායල් නාවික අවහිරතා නොතකමින්, ගාසා තීරයට මානුෂීය ආධාර රැගෙන යාමට උත්සහ කරමින් තිබූ යාත්‍රාවකට ඊශ්‍රායල් හමුදා ගොඩ බැස ඇති බවත්, එහි මගීන් ඔවුන්ගේ මව් රටවලට ආපසු යැවීමට අපේක්ෂා කරන බවත් ඊශ්‍රායල් විදේශ අමාත්‍යාංශය නිවේදනය කර ඇත.

ඊශ්‍රායල් විදේශ අමාත්‍යාංශ මෙහිදී වැඩිදුරටත් සඳහන් කර තිබුණේ, ගාසාහි හමාස් සටන්කාමීන් වෙත අවි ආයුධ ළඟා වීම වැළැක්වීම සඳහා තම අවහිර කිරීම් අවශ්‍යවන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

STF වැටලීමකදීයි කොටු වූ ලොකු පැටීගේ ගෝලයා!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : පොලිස් විශේෂ කාර්ය...

ද්වි-රාජ්‍ය විසඳුම’ ක්‍රියාත්මක කිරීමට එක්වෙන්න චීනයෙන් ඉල්ලීමක්!

කොළඹ LNW:‘පලස්තීන ප්‍රශ්නය සාමකාමීව විසඳීම සහ ද්වි-රාජ්‍ය විසඳුම ක්‍රියාත්මක...

මාලදිවයින් ජාතික විශ්වවිද්‍යාලයේදී ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවූ ජනපති…

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW: ඊයේ (30) පස්වරුවේ ,...

රෝහිතගේ දියණිය අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත!

රෂිකා හෙන්නායක ජූලි 31, කොළඹ LNW : අත්අඩංගුවට ගනු...