*
Thursday, April 25, 2024
spot_img

Latest Posts

චීනය සතු ලොව විශාලතම විදේශ විනිමය සංචිතය එක්සත් ජනපද ඩොලරයත් සමඟ ඉහළට

ලොව විශාලතම විදේශ විනිමය සංචිතය චීනය සතුය. පසුගිය මාසය තුළ එක්සත් ජනපද ඩොලරය ඉහළම අගයට පැමිණීමත් සමඟ චීනයේ විදේශ විනිමය සංචිතය මේ වසරේ පළමු වරට ඉහළ ගොස් ඇති බව රාජ්‍ය දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව චීනයේ සංචිත පසුගිය මාසය තුළ ඩොලර් බිලියන 80.6කින් ඉහළ ගොස් ඇති අතර , මැයි මස වන විටදී ඩොලර් ට්‍රිලියන 3.13 දක්වා ඉහළ ගොස් ඇති බව, විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලන මණ්ඩලය (SAFE) මඟින් වාර්තා කොට ඇත.

‘වර්තමානය වන විට බාහිර පරිසරය තව දුරටත් සංකීර්ණ හා අඳුරුව පැවතීමත් , ගෝලීය ආර්ථිකයද වැඩිවන අවදානම් හා අභියෝගයන්ට මුහුණ දෙමින් සිටීමත් , ජාත්‍යන්තර මූල්‍ය වෙළඳපොල තවමත් විශාල අවිනිශ්චිතතාවයකට යටත්ව පවතින තත්වයක් තුළ ” චීනයේ විදේශ විනිමය සංචිතය ඉහළ යාමට බලපානු ලැබුවේ එක්සත් ජනපද ඩොලරය ඉහළම අගයක් වාර්තා කිරීමයි. ඊට සාපේක්ෂව අනෙකුත් ප්‍රධාන මුදල් හුවමාරු කිරීම මෙන්ම ගෝලීය වත්කම් මිලෙහි සිදුවූ උච්චාවචනය ‘ මේ කෙරේ බලපෑ බව චීනයේ විදේශ විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලන මණ්ඩලය (SAFE)තව දුරටත් ප්‍රකාශ කොට තිබේ.

කෙසේ වෙතත් චීනය විදේශ විනිමය සංචිත ඉහළ යාමට සාපේක්ෂව වඩාත් ඵලදායී ලෙස ආර්ථික හා සමාජ සංවර්ධනය කළමණාකරණය කර ඇති අතර , ඒ හේතුව නිසාවෙන් දිගුකාලීන ආර්ථික මූලධර්ම වෙනස් වී නැති බවත් , විදේශ විනිමය සංචිත පරිමාණයේ සමස්ත ස්ථාවරත්වය සඳහා සහාය ලැබී ඇති බවත් විනිමය පිළිබඳ රාජ්‍ය පරිපාලන මණ්ඩලය දක්වා තිබේ.

South China Morning Post පුවත්පතට අනුව යුවාන් විනිමය අනුපාත මූලික වශයෙන් ද්වි-මාර්ග උච්චාවචනයන් සමඟ ස්ථායී වන බව Pan Gongsheng පවසා ඇත.

මීට අමතරව චීනයේ බොහෝ වෙළඳපල ආයතන විශ්වාස කරන්නේ , චීනයේ ෆෙඩරල් මහබැංකුවට උද්ධමනය පාලනය කරන අතරම වර්ධනය සිථාවර කිරීම අපහසු වන බවයි.

සශිකලා මධුෂාණී – අවුට්බවුන්ඩ් ටුඩේ

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan