“සල්ලි බෙදන අපේක්ෂකයන්ගේ මන්ත්‍රී ධුර අහෝසියි” මොණරාගල ඓතිහාසික නඩු තීන්දුවට එරෙහි ඇපෑල නිශ්ප්‍රභයි

Date:

ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දින මොණරාගල මහාධිකරණය විසින් ලබාදෙන ලද නඩු තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකරන ලද අභියාචනය ඊයේ දින (07) ඉවත්කරගැනින.

පසුගිය 2018 පළාත් පාලන මැතිවරණයේදී මොණරාගල ප්‍රාදේශීය සභාවට තරඟකල එක් අපේක්ෂකයෙකු විසින් මැතිවරණ කාලසීමාව තුළ ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීම සම්බන්ධයෙන් පැෆ්රල් සංවිධානයේ මූලිකත්වයෙන් හා සහාය සහිතව මෙම නඩුව ගොනුකර තිබුණි.

ඒ අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මස 13 වන දින මොණරාගල පූර්වගාමී මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා විසින් තීන්දුව ප්‍රකාශයට පත්කල අතර අදාල මදුරුකැටිය කොට්ඨාශය ජයග්‍රහණය කල තරංග හර්ෂක දිසානායක යන සභිකයාගේ සභික ධුරය අහෝසි කර පරාජිත අපේක්ෂකයා වූ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක ඩබ්.එම් සුනිල් ශාන්ත ධුරයට පත්කිරීමට නියෝග කරන ලදී.

එම තීන්දුව අභියෝගයට ලක්කරමින් වගඋත්තරකාර පෙත්සම්කරු විසින් ශේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද ඇපෑල එම වගඋත්තරකාර පෙත්සම්කරුගේ නීතීඥවරයා විසින් ඉදිරියට පවත්වාගෙන නොයන බවට සඳහන් කිරීම හේතුවෙන් ඊයේ (ජූනි 07) දිනයේදී ඉවත්කරගැනීමට කටයුතු කරන ලදී.

මෙම නඩු තීන්දුව සුවිශේෂී හා ඓතිහාසික එකක් වනුයේ අනාගත මැතිවරණවලදී (පළාත් පාලන, පළාත් සභා, පාර්ලිමේන්තු මැතිවරණ, ජනාධිපතිවරණ) ඡන්දදායකයන්ට අල්ලස් ලබාදීම් සිදුනොකිරීමට අපේක්ෂකයන්ට පෙළඹවීමක් ඇතිවීමයි. යම් හෙයකින් අල්ලස් ලබාදී සභිකයෙකු ලෙස පත්වුවද අගතියට පත් පාර්ශවයක් විසින් ඉදිරිපත් කරන පෙත්සමක් මගින් එම ධුරය අහෝසි කිරීම මෙන්ම ඊට අදාල දඬුවම් ලබාදීමට යොමුවීමටද මෙමගින් පූර්වාදර්ශ සපයනු ඇත.
එමෙන්ම නඩුකරය මගින් අපේක්ෂක වියදම් සීමාකිරීම හා නිදහස් හා සාධාරණ වටපිටාවක මැතිවරණ පැවැත්වීමේ අවශ්‍යතාවය නැවත වරක් තහවුරු වී ඇත.
මෙම තීන්දුවට අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් වන වගකීම ජනාධිපතිවරයා සහ මැතිවරණ කොමිෂන් සභාව සතු වන අතර කඩිනමින් එම තීන්දු ක්‍රියාත්මක වනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.

තවද මෙම නඩු තීන්දුව පූර්වාදර්ශ කරගනිමින් ඉදිරි මැතිවරණවලදීද මැතිවරණ දූෂණ වලට සම්බන්ධ පාර්ශවවලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පැෆ්රල් සංවිධානය කටයුතු කරනු ඇත.

රෝහණ හෙට්ටිආරච්චි
විධායක අධ්‍යක්ෂ
PAFFREL සංවිධානය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාංචු වැටුණු ශ්‍රී ලංකන් හිටපු ලොක්කාට එල්ල වී ඇති චෝදනා මෙන්න!

කොළඹ LNW:අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්...

පලස්තීනයේ නිදහස් වෙනුවෙන් ජන අරගල ව්‍යාපාරය කොළඹදී උද්ඝෝෂණයක! (PHOTO STORY)

කොළඹ LNW:ඇමරිකන් - ඊශ්‍රායල් ලේ පිපාසිත යුද්ධයට විරෝධය පළකරමින්...

පුත්තලමේත් සමඟියේ සභිකයෙකුට පක්ෂයේ දොර වැහෙයි!

කොළඹ LNW:පුත්තලම මහ නගර සභාවට සමගි ජන බලවේගය නියෝජනය...

ධීවර වරාය සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට !

සටහන - රුවන් නෙළුගොල්ල ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු...