*
Wednesday, May 1, 2024
spot_img

Latest Posts

රටම Blackout නොකළත් වෘත්තීය ක්‍රියාමර්ග ක්‍රියාත්මකයි – CEB ඉංජිනේරු සංගමය (VIDEO)

විදුලි බල සංශෝධන පනතට විරෝධය පළකරමින් වැඩ වර්ජන වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවී සිටියද ජනාධිපතිවරයා විසින් තමන් සමඟ කළ සුහද සාකච්ජාවේ ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිවරයා විසින් ලබා දුන් එකඟතාව සලකා රටේම විදුලිය විසන්ධියකට නොගියද තවදුරටත් වෘත්තීය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක බව ලංකා විදුලි බල මණ්ඩලයේ විදුලි ඉංජිනේරු සංගමයේ සභාපති අනිල් රන්ජිත් ඉඳුවර මහතා පැවසුවේය.

ඒ, අද (09) පෙරවරුවේ මාධ්‍ය වෙත දක්වමිනි.

නව පනත සම්බන්ධයෙන් වෘත්තීය සමිති ලෙස යෝජනා භාර දෙන ලෙසත් කාරක සභා අවස්ථාවේදී ඇතුල් කිරීමට කටයුතු යොදන බවටත් සාකච්ජාවේදී ජනාධිපතිවරයා එකඟ වී තිබේ.

එහෙත් මේ වන විට සේවකයින් ඉවත්ව සිටින බලාගාර හරහා බෙදා හැරෙන විදුලි විසන්ධි වී තිබෙන අතර දිවයින පුරා සැලකිය යුතු ප්‍රදේශ රැසකට විදුලිය විසන්ධි පවතින බවද ඔහු කියා සිටියේය.

කෙසේවෙතත් සංශෝධිත විදුලි බල පනතේ ඇතුලත් තරඟකාරී ක්‍රමවේදයෙන් බැහැරව බලාගාර ලබා දීම පනතෙන් ඉවත් විය යුතු බවටයි අනිල් රන්ජිත් මහතා පැවසුවේ.

මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ හැසිරීම කෙසේද යන්න නිරීක්ෂණය කර විදුලි බල මණ්ඩලයේ සියලුම වෘත්තීය සමිති සමඟ සාකච්ජා කර ඉදිරි ක්‍රියාමර්ග ගැන තීරණය කරන බවද ඔහු සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan