මොන මඟුලක්ද මේ යකා මේ කියවන්නේ, කට පියාගෙන ඉන්නෙ නැතුව – නන්දලාල්ට PBගේ ප්‍රතිචාරය

Date:

ඊයේ (08) දිනයේදී පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාව හමුවට හිටපු මහබැංකු අධිපතිවරුන් සහ හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන් කැඳවා තිබිණි.

ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්‍රාල්, එස්. ආර්. ආටිගල, පී. බී. ජයසුන්දර යනාදී හිටපු නිලධාරීන් පිරිසක් එක්ව සිටි එම රැස්වීමට වත්මන් මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා ද සහභාගී වී තිබේ.

එහිදී එම කාරක සභාවේ සාමාජික එම්. ඒ. සුමන්දරන් මහතා එම නිලධාරීන්ගෙන් ප්‍රශ්න කර තිබුණේ “මහබැංකුවේ සංඛ්‍යාලේඛන සත්‍ය තොරතුරු මත පදනම්ව නොව ‘සකස් කරන ලද’ (cooked) ඒවා බවට අගමැතිතුමා කරන ප්‍රකාශය සත්‍යයද ?” යනුවෙනි.

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා මහබැංකුවේ සංඛ්‍යාලේඛන විශ්වාස කළ නොහැකි ඒවා බව සියල්ලන්ම දන්නා නිසා හිටපු මහබැංකු අධිපතිවරුන් හෝ මුදල් අමාත්‍යාංශ ලේකම්වරුන් කිසිවෙකුත් එම ප්‍රශ්නයට පිළිතුරු දීමට නොයා නිහඬව සිට ඇත.

එහිදී වහා ඉදිරිපත්ව ඇති නන්දලාල් වීරසිංහ මහතා “එහෙම කියන්න බෑ. අපි IMF, ලෝක බැංකුව වගේ ආයතන එක්ක වැඩ කරන්නේ. අපි ඔවුන්ගේ සියලු නිර්ණායක අනුගමනය කරනවා ….” යනාදී වශයෙන් දීර්ඝ දේශනයක් පවත්වා තිබේ.

ඊට මැදිහත්වෙමින් සුමන්දිරන් මහතා නැවතත් විමසා ඇත්තේ “එතකොට ඔබ කියන්නේ අගමැතිතුමා මේ පාර්ලිමේන්තුවට බොරු කියනවා කියලාද ?” යැයි විමසා ඇත.

එම නිශ්චිත ප්‍රශ්නයට පිළිතුරු දීම මඟහරිමින් නන්දලාල් වීරසිංහ මහතා සංඛ්‍යාලේඛන පිළිබඳ සිය දේශනය දිගටම පවත්වාගෙන ගොස් ඇති අතර එය හිටපු ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතාගේ කෝපයට හේතුවී තිබේ. ජයසුන්දර මහතා අන් අයට නොඇසෙන ලෙස “මොන මඟුලක්ද මේ යකා මේ කියවන්නේ, කට පියාගෙන ඉන්නෙ නැතුව” යැයි පවසා ඇති අතර අමතක වීමකින් ඒ මහතාගේ මයික්‍රෆෝනය සක්‍රිය කර තිබීම නිසා එය රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු සෙසු පිරිසට ද ඇසී තිබේ. ඒ අනුව ඔවුන් සියලුදෙනාම පී.බී. ගේ මුහුණ දෙස බලා ඇත.

මේ අතර සිද්ධිය තේරුම්ගත් හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා වහාම පී.බී. ජයසුන්දර මහතාගේ මයික්‍රෆෝනය විසන්ධි කර ඇති අතර ඒ නිසා පී.බී. ගේ ප්‍රතිචාරයෙහි ඉතිරි කොටස අසාගැනීමට පිරිසට නොහැකි වී ඇත.

කෙසේවෙතත් මේ සියල්ල සිදුවෙද්දී පවා නන්දලාල් වීරසිංහ මහතා සංඛ්‍යාලේඛන පිළිබඳ සිය අනාරාධිත දේශනය දිගටම පවත්වාගෙන ගොස් ඇති බවත් ආරචිමාර්ග සඳහන් කළේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ...