නවය නපුරුද ?

Date:

අද, ජුනි 09 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වුණේය.

මීට මාසයකට පෙර මැයි 09 වෙනිදා මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉවත් වුණේය. වඩාත් නිවැරදිව කිවහොත් ඉල්ලා අස්වීමට සිදුවුණේය. එම ඉල්ලා අස්වීමට පෙර තම අනුගාමිකයින් අරලියගහ මන්දිරයට කැඳවා සිදුකළ නොමනා ක්‍රියාව නිසා එදින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති ඇමතිවරුන් විශාල ගණනකට නිවාස අහිමි විය.

ඊටත් වඩා බරපතළ ලෙස පසුගිය මැයි 09 වනදා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා ඝාතනයට ද ලක්විය.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගත්තේ ද ජුනි 09 වෙනිදාවක ය. ඒ, මීට වසර දෙකකට පෙර 2020 ජුනි 09 වෙනිදා ය.

මේ ආකාරයෙන් බලන කල 09 වෙනිදාව ශ්‍රී ලංකාවේ දේශපාලනඥයින්ට නපුරු ද යන ප්‍රශ්නය නැඟේ.

ඊට සමගාමීව ම නැඟෙන්නේ ජුලි 09 වෙනිදාට ඉවත් වන්නේ හෝ ඉවත් වන්නට සිදුවන්නේ කාටද කියා ය ….

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පෙරහැරේ යන ප්‍රවීණ අලි ඇතුන් සඳහා සම්මාන පළඳනා

කොළඹ LNW:වසර හතළිහකට වඩා වැඩි කාලයක් ඇසළ පෙරහර මංගල්‍යයට...

රේගුව භාරයේ රඳවා ඇති BYD වාහන ගැන ගත් අලුත්ම තීරණය!

රෂිකා හෙන්නායක අගෝස්තු 07, කොළඹ LNW : ශ්‍රී ලංකා රේගුව...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් වෙනුවෙන් විපක්ෂය තේරීම් කාරක සභාවක් ඉල්ලයි!

කොළඹ LNW: නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා පාර්ලිමේන්තු...

සබරගමුවේ හිටපු මහ ඇමතිත් කොටුවෙන හැඩ!

කොළඹ LNW: 2014 - 2017 කාලයේ සබරගමුව පළාත් මහ...