*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ඩොලර් මිලියන 650ක වියදමින් ඔස්ලෝහි විවරවන ජාතික කලා කෞතුකාගාර සංකීර්ණය

නෝර්වේ , ඔස්ලෝහි ඩොලර් මිලියන 650ක වියදමින් ඉදිවන ජාතික කලා කෞතුකාගාරය සෙනසුරාදා දින සිට මහජනතාව සඳහා විවෘත වන බව ජාත්‍යන්තර මාධ්‍ය ප්‍රකාශ කරයි.එහි යුග ගණනාවක් ආවරණය වන පරිදි චිත්‍ර විශාල ප්‍රමාණයක් ප්‍රදර්ශනය කරනු ඇති බව පැවසේ.

ඔස්ලෝහි ජල තීරයේ විශාල පෙට්ටි සහිත ගොඩනැගිලි සංකීර්ණයක් වශයෙන් මෙය නිම කර ඇති අතර ඒ සඳහා වසර 08ක කාලයක් ගතවී ඇත.

මෙහි දී නෝර්වේජියානු කලා සහ නිර්මාණ කෞතුකාගාර පහක එකතුවක් එකම වහලක් යටට ගෙන එනු දක්නට ලැබේ. ජර්මානු ගෘහනිර්මාණ ශිල්පී ක්ලවුස් ෂුවර්ක් විසින් මෙම කෞතුකාගාරය නිර්මාණය කර ඇත.

වර්ග මීටර් 13,000 ක ප්‍රදර්ශන අවකාශයක් තුළ කලා කෘති 6,500 ක් පමණ ප්‍රදර්ශනය කෙරන බව කියැවේ. Edvard Munch ගේ “The Scream” ඇතුළුව අග්‍රගණ්‍ය , සුවිශාල නිර්මාණ රැසක එකතුවක් මෙහි දක්නට ලැබේ.

කෞතුකාගාරයේ ගොඩනැගිලි වල පැවැත්ම පිළිබඳ මෙහිදී විශේෂයෙන්ම සැලකිලිමත්ව ඇති අතර ඒ වෙනුවෙන්ම සලකා බලා ගොඩනැගිලි ද්‍රව්‍ය යොදාගෙන තිබේ. මෙය නිල්-අළු දේශීය ස්ලයිට් වලින් සරසා ඇති අතර වීදුරු සහ කිරිගරුඬවලින් ආවරණය වූ අලංකාර ආලෝක ශාලාවක්ද දක්නට ලැබේ.

“I Call It Art” යන නිර්මාණ එකතුවත් සමඟ ශාලාව තාවකාලික ප්‍රදර්ශනය සඳහා ආරම්භ වේ. මෙම නිර්මාණ අතර දක්නට ලැබෙන්නේ නෝර්වේ හි සේවය කරන කලාකරුවන්ගේ නිර්මාණයි. අනන්‍යතාව, අයිතිවාසිකම, ජාතිකත්වය සහ ප්‍රජාතන්ත්‍රවාදය යන තේමා මත ඒවා නිමවී ඇත.

එක්සත් ජනපද වියුක්ත චිත්‍ර ශිල්පියෙකු වන Mark Rothko සහ මෙක්සිකන් නිර්මාණ ශිල්පිනියක් වන Frida Kahlo ගේ අධි යථාර්ථවාදී චිත්‍ර 2024 වසරේ දී කෞතුකාගාරයේ සැලසුම්ගත ප්‍රදර්ශන වලට එකතු කිරිමට අපේක්ෂා කෙරේ.

මෙම කෞතුකාගාරය බලශක්ති කාර්යක්ෂමතාව උපරිම කිරීම සහ හරිතාගාර විමෝචනය අවම කිරීම සඳහා නිර්මාණය කර ඇති බව කෞතුකාගාරයේ අධ්‍යක්ෂ Karin Hindsbo රොයිටර් පුවත් සේවයට වාර්තා කර තිබේ.

මේ වන විට මෙහි සැළසුම මෙන්ම ව්‍යුහය පිළිබඳව ද විවිධ විවේචන එල්ල වෙමින් ඇත. නමුත් එම විවේචන එල්ලවීම සිදුවිය යුත්තක් බව කෞතුකාගාර අධ්‍යක්ෂක Karin Hindsbo වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

සශිකලා මධුෂාණී

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan