නව මහවැලි කොට්ඨාස දෙකක් ප්‍රකාශයට පත් කෙරේ!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 10 , කොළඹ (LNW):

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ පහකට අයත් ග්‍රාම නිලධාරි වසම් 72ක් ඒකාබද්ධ කරමින් නව මහවැලි කොට්ඨාස දෙකක් ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන තිබෙන අතර, ගොඩකවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 37ක්, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 30ක්, ඕපනායක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 02ක්, බලංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 02ක් සහ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් ග්‍රාම නිලධාරි වසමක් මෙලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට නියමිත බව සඳහන් වේ.

වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළේ, මෙම ග්‍රාම නිලධාරි වසම් 72, ගොඩකවෙල සහ වැලිගෙපොල වශයෙන් මහවැලි කොට්ඨාස දෙකක් ලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ වලව විශේෂ කලාපය යටතේ ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරි පනත යටතේ, 1981 අප්‍රේල් 16 දින අංක 137 ගැසට් පත්‍රය මඟින් වලව මහවැලි විශේෂ බලප්‍රදේශය ප්‍රකාශයට පත්කර තිබෙන අතර, එම මහවැලි වලව කලාපයේ ඇතැම් ප්‍රදේශ මෙතෙක් සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා පියවර ගෙන නොතිබූ බව පැවසේ.

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කළේ, බසංවර්ධනය නොකළ එම ප්‍රදේශ යළි සංවර්ධන කර, ජනතාවගේ ජීවනෝපාය ශක්තිමත් කරන ලෙස ප්‍රදේශයේ විහාරස්ථාන විහාරාධිපතිවරුන්, ස්වේච්ඡා සංවිධාන, ගොවි සංවිධාන නියෝජිතයින් විසින් දිගින් දිගටම තමාගෙන් ඉල්ලීම් කළ බවයි.

ඒ අනුව එම ඉල්ලීම් සලකා බලා මෙලෙස නව මහවැලි කොට්ඨාස දෙක ප්‍රකාශයට පත් කිරීමට පියවර ගත් බවද අමාත්‍යවරිය කියා සිටි අතර, මෙම නව මහවැලි කොට්ඨාස දෙක අද (10) නිලවශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුණි.

එම අවස්ථාවට රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුදිතා ද සොයිසා, වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් සමන් දර්ශන පාඬිකෝරාළ, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මහේන්ද්‍ර අබේවර්ධන, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ( පාලන හා මුදල්) කෞෂල්‍යා විජේවීර මහත්මිය සහ අධ්‍යක්ෂ (ඉඩම් පරිහරණ හා සැලසුම්) ඉන්දිකා ජයවර්ධන යන මහත්ම මහත්මීන්ද සහභාගි වී සිටි බව පැවසේ.

වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යල බලප්‍රදේශ පහකට අයත් ග්‍රාම නිලධාරි වසම් 72ක් මෙලෙස ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතේ සංවර්ධනය කිරීමට පියවර ගැනීම ජනතාවාදී තීන්දුවක් බව මුදිතා සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අදහස් දක්වමින් කියා සිටියේය.

නව මහවැලි කොට්ඨාස දෙකට අයත් ග්‍රාම නිලධාරි වසම් 72, ඇතුළත පදිංචි පවුල් සංඛ්‍යාව 33361 කි. මෙම ප්‍රදේශ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය යටතට පත්වීමත් සමඟ එම ප්‍රදේශවල පදිංචි ජනතාවගේ ආර්ථික, සමාජීය සහ සංස්කෘතික වශයෙන් සංවර්ධනය සඳහා කඩිනම් ව්‍යාපෘති රැසක් දියත් කිරීමට සැලසුම් කර තිබෙන බව මුදිතා සොයිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අදහස් දක්වමින් කියා සිටියේය.

මීට පෙර රත්නපුර දිස්ත්‍රික්කයේ කොලොන්න සහ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ දෙකේ ග්‍රාම නිලධාරි වසම් 47ක් ඒකාබද්ධ කර කොලොන්න ප්‍රදේශය නව මහවැලි කොට්ඨාසයක් ලෙස ප්‍රකාශයට පත්කෙරුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්ව විද්‍යාලයට යයි

නිශ්මං රණසිංහ ජූලි 04, කොළඹ LNW: රාජ්‍ය විශ්වවිද්‍යාලය 16 ට...

අධිකරණ නියෝග මත ඉන්දියාවෙන් පිටුවහල් කළ සැකකරුවන් තිදෙනෙකු යළි මෙරටට !

රෂිකා හෙන්නායක ජූනි 04, කොළඹ LNW : මෙරට අධිකරණවලින් ඇප...

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...