Coldplay හි Chris Martin සහ සුප්‍රසිද්ධ නිළි Dakota Johnson ගේ ප්‍රේම සම්බන්ධයට විරාමයක් ද?

සටහන – පුලී
ජූනි 10, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
Dakota Johnson සහ Chris Martin වසර 8 කට ආසන්න කාලයක් පැවති තම ප්‍රේම සම්බන්ධතාවයට තිතක් තැබීමට කටයුතු කළ පුවතක් විදෙස් මාධ්‍ය තුළින් වාර්තා වෙයි. දශකයකට ආසන්න කාලයක් ප්‍රේම සම්බන්ධතාවයක සිටි මෙම යුවළ ගත් මෙම තීරණය ස්ථීර යැයි ඇතැම්හු පවසති.

PEOPLE සඟරාවට අනුව, Dakota Johnson සහ Coldplay හි Chris Martin නැවතත් වෙන් වී ඇති බවත්, තරු දෙපළගේ නියෝජිතයින් තවමත් එම පුවත තහවුරු කර හෝ ප්‍රතික්ෂේප කර නොමැති බවත් සඳහන්.

2017 දී තම පෙම් පලහිලව්ව අවසන් වරට ප්‍රසිද්ධියේ දක්නට ලැබුණේ මැයි 16 වන දින මැලිබු හි විනෝද චාරිකාවක අතරතුර දීය. මෙම වසර මුලදී, ඔවුන් Coldplay හි Music of the Spheres සංචාරය සඳහා ඉන්දියාවේ සිටියදී, අත් අල්ලාගෙන මුම්බායි හි වීදිවල ඇවිද යන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය.

ඒ වන විට, ඔවුන් වෙන්වීමේ කටකතා වලින් පීඩා විඳි නමුත්, ඔවුන් දෙදෙනා ආදරයෙන් බැඳී සිටිනු දක්නට ලැබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...