ට්‍රම්ප් ජාතික ආරක්ෂක භටයන් 4,000ක් හා මැරීන් භටයන් 700ක් ලොස්ඇන්ජලීස් විරෝධතා වෙත යොදවයි

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජුනි 10; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංක්‍රමණික මර්දන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේදී ආගමන හා රේගු බලාත්මක කිරීමේ (ICE) නිලධාරීන් නගරය පුරා වැටලීම් සිදු කිරීමත් සමඟ ඇති වූ විරෝධතා හේතුවෙන් තත්වය පාලනය කිරීම වෙනුවෙන් ජනාධිපති ට්‍රම්ප් ජාතික ආරක්ෂක භාවයන් 4000ක් හා මැරීන් භටයන් 700ක් යොදවා ඇති බව වාර්තා වේ.

ලොස් ඇන්ජලීස් සහ ඒ අසල පිහිටි පැරාමවුන්ට් නගරයේ එක්සත් ජනපද ආගමන සහ රේගු බලාත්මක කිරීමේ (ICE) වැටලීම් සම්බන්ධයෙන් පසුගිය සිකුරාදා(06) ප්‍රථම වරට විරෝධතාවයන් ඇති වූ අතර මේවන චිට එය ට්‍රම්ප්ගේ මර්දනයට මෙන්ම ඔහුගේ සමස්ත ආගමන ප්‍රතිපත්තියට එරෙහිව ක්‍රියාත්මක වෙමින් පවතියි.

දේශීය නීතිය ක්‍රියාත්මක කිරීමේදී එක්සත් ජනපද හමුදා භටයින් සම්බන්ධ වීම අතිශයින් අසාමාන්‍යය වන අතර ට්‍රම්ප් ලොස් ඇන්ජලීස් වෙත ජාතික ආරක්ෂක භටයින් යෙදවීමට ගත් තීරණයට අභියෝග කරමින් ප්‍රාන්තය නඩුවක් ගොනු කර ඇති බව නිව්සම් සහ කැලිෆෝනියා නීතිපති රොබ් බොන්ටා නිවේදනය කර තිබේ.

පසුගියදා ජනාධිපති ට්‍රම්ප් විසින් රටවල් 12 ක සංචාරකයින් සඳහා පැනවූ නවතම තහනමට ප්‍රතිචාර වශයෙන් විරෝධතාකරුවන් නිව්යෝර්ක් සහ ලොස් ඇන්ජලීස්හි රැස්ව ඇති අතර ඔවුන් ප්‍රතිපත්ති විවේචකයින් හා ජාතිවාදී ලෙස හෙළා දැක තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිලේ වෙනසක්!

කොළඹ LNW:මාසික ඉන්ධන මිල සංශෝධනය අනුව නවතම ඉන්ධන මිල...

ශ්‍රී ලංකාවේ වන ජීවී නීතියට නව යුගයක් උදා කළ අලි ජාවාරම් තීන්දුව

ඕවින්දි විෂ්මිකාඔක්තෝබර් 31, කොළඹ (LNW): ශ්‍රී ලංකාවේ වනජීවී ආරක්ෂාව...

දුර්ලභ වක්‍රාකාරයේ දේදුන්නක් 2025 වසරේ කාලගුණ ඡායාරූප ශිල්පියා තරඟයෙන් ජයග්‍රහණය කරයි!

සටහන – පුලී ඔක්තෝම්බර් 31, කොළඹ (LNW): රාජකීය කාලගුණ විද්‍යා...

න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීමට ට්‍රම්ප් කළ ඉල්ලීම ඉරානය හෙළා දකී

සටහන: සශිකලා මධුෂාණි ඔක්තෝබර් 31: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : එක්සත් ජනපද...