ශ්‍රී ලංකාවෙන් තායිපේ වල ගණන් බස්සන දස්කමක්

Date:

නිශ්මං රණසිංහ ජුනි 10, කොළඹ LNW:

ජගත් ශ්‍රේණිගත කිරීම්වල 166 වන තැන සිටින චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ගෝල 3-1 ක් විශිෂ්ඨ ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.ඒ සමඟම ආසියානු තරගවාලියට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු තව දුරටත් පුළුල් කර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලැබෙනවා.වඩාත්ම වැදගත් 200 වන තැන සිටින ශ්‍රී ලංකාවට 166 වැනි කණ්ඩායමක් පරාජය කරන්නට ලැබීම නිසා ශ්‍රේණිගත් කිරීම්වල ඉහළ තැනට පත්වීමට ලැබෙන ඉඩයි.


තරගයෙ පළමු අර්ධය කිසිඳු කණ්ඩායමකට ගෝල ලබා ගැනීමට ඉඩ නොතබමින් ඇදී ගියා.එහෙත් දෙවන අ්ර්ධයට ශ්‍රී ලංකාව පිවිසුණේ පළමු අර්ධයේ නොතිබි විශ්වාසයකින් සහ ශක්තියකින් බව පෙනී ගියා.එහි සාර්ථක පල ලබා ගන්නට සමත් වූ පළමු ගෝලය වාර්තා වුණේ රාජ මොහාන් අතින්.ඊට සුළු වෙලාවකට පසුව ඩිලන් ද සිලවා ගෝලයක් වාර්තා කරන්නට සමත් වුණා.ඉනික්බිති තෙවන ගෝලය කලෙකට පසුව එකතු කර ගන්නට වසීම් රසීක්ට හැකි වෙනවා.


වසීම් ශ්‍රී ලංකාව වෙනුවෙන් ලාංකේය සම්භවය සහිත ක්‍රීඩකයින් කැඳවන පළමු මොහොතේම වාගේ ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වූ මෙන්ම එම කාලයේ දී කණ්ඩායමේ ගෝල මැෂිම බවට පත්ව සිටි ක්‍රීඩකයා වුණා.ඉනික්බිති අපට බොහෝ විට වසීම් දකින්නට ලබා දුන්නේ ගෝලයට අවශ්‍ය්‍ය පරිසරය වෙනත් ක්‍රීඩකයෙකු වෙත කණ්ඩායම වෙනුවෙන් සකසා දෙන ක්‍රීඩකයෙකු හැටියටයි.අත්දැකීම් සහ කණ්ඩායම් හැඟීම ද ඉහළින්ම ප්‍රදර්ශනය කරන වසීම් කලෙකට පසුව නැවත වතාවක් තමාගේ පාදයේ ඉලක්කයද ටක්කෙටම වැඩ කරන බව පෙන්වමින් රැස් කළ ගෝලය අගය් කළ යුුතු වෙනවා.


මේ ගෝල තුනටම පසුව ශ්‍රී ලංකා නායකයා සහ දැල රකින්නා වෙන සුජාන් පෙරේරාගේ අවධානය බිදී යාම නිසා මෙන්ම යම් අලසකමක් නිසා ද චීන තායිපේ කණ්ඩායමට ගෝලයක් එකතු වුණා.එම ගෝලයත් සමඟ නව පනක් ලද තායිපේ කණ්ඩායම ආක්‍රමණශීලී ලෙස ශ්‍රී ලංකා දැග ආක්‍රමණයට ගත් උත්සාහය ප්‍රශස්ත විදිහට වළකාලන්නට සුජාන් පෙරේරා සමත් වුණ අතර,ආරක්ෂක පෙළ ක්‍රියාත්මකවීම ද ඉතා හොඳින් පැවතුණා.ශ්‍රී ලංකාව පන්දුව හුවමාරුවේදී දැක් වූ විශිෂ්ඨ තත්ත්වය කණ්ඩායමක් ලෙස දියුණු වී සහ ඉදරියට පැමිණි ඇති බව කියන්නට හොඳම සාධකය වෙනවා.


දැන් නැවතත් ශ්‍රී ලංකාවේ පොළවේ ඇත්තටම තුන්සිය හැට පස් දවසම පාහේ කීඩා කරන පාපන්දු ක්‍රීඩකයන්ට මේ වන විට ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩකයන් දක්වන ඉහළ දස්කම්වලට පදනම් වෙන දැණුම සහ හැකියාව උකහා ගැනීමේ මාර්ගයක් ද සැකසිය යුුතුයි.එය ශ්‍රී ලංකාව තුළ වසරෙන් වැඩි කාලයක් ගත කරන ක්‍රීඩකයන්ටද යහපතක් විය හැකියි.වෘත්තීය මට්ටමේ ක්‍රීඩකයන් ලෙස ඉදරියට යාමට ආරාධානා ලැබෙන ලෝකය වඩා පළල් ලෙස හැදීරීමට ක්‍රිඩාව වෙනුවෙන් ඉඩ සැකසෙන තත්ත්වයක් හොඳ සම්බන්ධීකරණ මාර්ගයක්ද සමගින් ඇති වී තිබෙන මොහොතක ලංකාවේ පාපන්දු ක්‍රීඩකයාගේ අනාගතය වෙනුවෙන් එය කළමණාකරණය කිරීම වැදගත් වෙනව

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

16 වැනිදා අනිවාර්යයෙන් වැඩ භාරගන්නවා – බල්තසාර් (VIDEO)

කොළඹ LNW:එළඹෙන 16 වැනිදා කොළඹ මහ නගර සභාවේ වැඩ...

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තවදුරටත් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW : මේ වනවිට ...

හිටපු අමාත්‍ය කෙහෙළියගේ නිවසේ සේවිකාවක අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW : හිටපු අමාත්‍ය කෙහෙළිය...

 Donald Tusk ගේ විශ්වාසභංග අභියෝගය!

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW : නව ආරම්භයක් බලාපොරොත්තුවෙන්...