මන්ත්‍රීවරුන් ඉල්ලූ තීරු බදු රහිත වාහන බලපත්‍ ගැන ජනපතිගෙන් ප්‍රතිචාරයක් නෑ

0
170

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලමින් අත්සන් කළ ලියවිල්ල කතානායක මහින්ද යාපා අබේවර්ධන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම්හතා ට පසුගිය සතියේදී බාරදී ඇති බව සඳහන් වේ.

නමුත් කතානායකවරයා පවසන්නේ, ඒ පිළිබඳව ජනාධිපතිවරයාගෙන් මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නැති බවයි. තීරු බදු රහිත වාහන බලපත්‍රය ඉල්ලා මෙම ලියවිල්ල අත්සන් කළ පිරිසට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 116 ක් ඇතුළත් වූ බව සඳහන් වේ.

මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත බලපත්‍රයක් ලබාදීමේ ඉල්ලීමට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේද අනුමැතිය හිමිව ඇති බවද වාර්තා වේ.