රුසියා හමුදාවට තවදුරටත් ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීම සිදුනොකරන බවට රුසියා විදේශ කටයුතු අමාත්‍ය Sergey Lavrov ගෙන් පොරොන්දුවක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක ජුනි 11 , කොළඹ (LNW):

අමාත්‍ය අලී සබ්රි මහතා හා රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයා අතර පැවති විශේෂ හමුවක් සිදු වී ඇති අතර, රුසියා හමුදාවට තවදුරටත් ශ්‍රී ලාංකිකයින් බඳවා ගැනීම සිදුනොකරන බවට රුසියා විදේශ කටයුතු අමාත්‍ය සර්ජි ලැව්රොව් අමාත්‍ය අලී සබ්රි මහතා වෙත පොරොන්දුවක් ලබාදී තිබෙන බව සඳහන් වේ.

2024 බ්‍රික්ස්,  විදේශ කටයුතු අමාත්‍යවරුන්ගේ සැසියට සහභාගී විමට අමාත්‍ය අලී සබ්රි රුසියාවට ගොස් සිටින අතර එහිදි මෙම සාකච්ඡාව සිදුකෙරුණ බව වාර්තා වේ.

එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ, එහිදි දෙරට අතර සංචාරක, උසස් අධ්‍යාපන හා ආර්ථික සහයෝගීතාව ඇතුලු ද්විපාර්ශික සබදතා ඉහළ නැංවීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බවයි .

සාකච්ඡාව අතරතුරදි රුසියා හමුදාවට එක්ව සිටින ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් පැන නැගි ඇති ගැටලු පිළිබද අමාත්‍ය අලී සබ්රි මහතා රුසියා විදේශ කටයුතු අමාත්‍යවරයාව දැනුවත් කර තිබෙන අතර, එම ගැටලු නිරාකරණය කර ගැනීමට පූර්ණ සහයෝගය ලබාදෙන බව රුසියා විදේශ කටයුතු ආමත්‍යවරයා මෙහිද සදහන් කර ඇත.

එමෙන්ම මෙම මස 26 / 27 යන දෙදින තුළ දී රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ නායකත්වයෙන් විශේෂ දූත පිරිසකට රුසියාවේ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ හමුවක් පැවැත්විමට ද එකගතාවය පළ වී තිබෙන බව සඳහන් වේ.එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කරන්නේ එහිදි අදාළ ගැටලුව සවිස්තරාත්මකව සමාලෝචනය කර සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට එකගතාවය පළ වු බවයි .

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරුණෑගල හිටපු නගරාධිපති රට පනින්නද හදන්නේ?

කොළඹ LNW:කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව විතාරණ රටින් පිටව...

ලන්ඩනයේ සිට මුදා හැරෙන ශ්‍රී ලාංකේය කවි සරණිය

ලන්ඩන් කවි 5වන වෙළුම 2025 ජුලි කලාපය හිටිවන හෙළ කවේ නද...

ප්‍රකෝටිපති මස්ක් නව දේශපාලන පක්ෂයක් පිහිටුවන ලකුණු ?

සටහන: සශිකලා මධුෂාණිජුලි 01; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...