ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන DIMO හි වෘත්තීය පුහුණු අංශය වන DIMO Academy for Technical Skills (DATS), පසුගියදා පෑලියගොඩ පිහිටි නවීන පහසුකම් වලින් සැදුම්ලත් නව ස්ථානයකට ගෙනගොස් තිබේ.
මේ තුළින් ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ ගෝලීය වශයෙන් තරඟකාරී තාක්ෂණික වෘත්තිකයන් බිහි කිරීම සඳහා වසර 35කට අධික DATS ආයතනයේ කැපවීම මනාව පෙන්නුම් කෙරේ.
Automobile mechatronics සිට Plant engineering දක්වා, DATS විවිධ කර්මාන්ත සඳහා අවශ්‍ය මානව කුසලතා වර්ධනය කර ඇති අතර, එහි උපාධිධාරීන් සඳහා ජාත්‍යන්තර රැකියා වෙළඳපොළ තුළ වඩාත් හොඳ රැකියා අවස්ථා සුරක්ෂිත කිරීමට ද දායක වී ඇත. පෑලියගොඩ වෙත ස්ථාන මාරු කිරීම හරහා කාර්යක්‍ෂම සහ වැඩි පිරිසකට පුහුණුව ලබාදීමේ හැකියාව ලැබෙන අතරම නැගී එන කර්මාන්ත ප්‍රවණතාවන්ට සරිලන අනාගත වැඩසටහන් ද හඳුන්වා දීමේ හැකියාව ද වැඩි දියුණු වේ.
පෑලියගොඩ වෙත සිදු කරනු ලැබූ මෙම ස්ථාන මාරුව භෞතික වෙනසක් පමණක් නොවන අතර එමඟින් වෘත්තීය අධ්‍යාපනය ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල කිරීම සඳහා දක්වන කැපවීම ද නියෝජනය කරයි. DATS හරහා පිළිගත් ජර්මානු වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් සම්පූර්ණ කිරීම තුළින් ජර්මනිය ඇතුළු තවත් රටවල් වල රැකියා සඳහා අසමසම ප්‍රවේශයක් ලබා දෙයි. HomeServe Germany සහ MAN වැනි සමාගම් DATS සමඟ හවුල්කාරිත්වයන්ට එළඹෙමින් DATS උපාධිධාරීන්ට රැකියා සුරක්ෂිත බව සහතික කර තිබේ. මේ වැඩසටහන් හරහා DATS, තරුණ තරුණියන්ගේ ජීවිත වෙනස් කිරීම උදෙසා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි විධායක අධ්‍යක්ෂිකා/ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී සහ DIMO අධ්‍යාපන අංශය අධීක්ෂණය කරන දිල්රුක්ෂි කුරුකුලසූරිය මහත්මිය පැවසුවේ “වෘත්තීය පුහුණුව ප්‍රවර්ධනය කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය ඇති කිරීම උදෙසා වඩාත්ම අර්ථවත් ක්‍රමයක්. ඉල්ලුම මත පදනම් වූ කුසලතා ගොඩනැගීම මඟින්, අපට හැකියාවන් සහ අවස්ථාවන් අතර පරතරය පියවා ගත හැකියි. වෘත්තීය අධ්‍යාපනය දෙවන විකල්පයක් ලෙස නොසැලකිය යුතු අතර එය අධ්‍යාපන පද්ධතියක අත්‍යවශ්‍ය අංගයක් ලෙස සලකමින්, එමඟින් ශ්‍රී ලාංකේය තරුණ තරුණියන්ට ඔවුන්ගේ උපරිම හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව ලබා දිය යුතුයි.” යනුවෙනි.
පෑලියගොඩ නගර මධ්‍යයේ පිහිටීම හේතුවෙන් රට පුරා සිසුන්ට DATS වෙත ප්‍රවේශ වීමේ හැකියාව වර්ධනය වී ඇති අතර එමඟින් DATS ආයතනයට සිය කර්මාන්තයේ පාර්ශවකරුවන් සමඟ පහසුවෙන් කටයුතු කිරීමට ද අවස්ථාව ලබා දේ. නවතම ස්ථානයක ස්ථාපිත කර ඇති DATS ආයතනය දැඩි ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අතර ජර්මානු වාණිජ මණ්ඩලය විසින් අනුමත කරන ලද ප්‍රතිපත්ති ඇතුළුව ගෝලීය වශයෙන් අනුමත කරන ලද TVET ප්‍රතිපත්ති සමඟ ද අනුකූල වේ. එසේම DATS හි විෂය මාලාව, යටිතල පහසුකම් සහ පුහුණු ක්‍රමවේදයන් ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල බව තවදුරටත් සහතික කරයි.
මෙම නවීන ස්ථානය Modern diagnostic tools, mechatronic technologies, සහ control systems වලින් සමන්විත නවීන විද්‍යාගාර වලින් යුක්ත අතර උසස් තාක්ෂණික පහසුකම් මඟින් සම්ප්‍රදායික ක්‍රමවේදයන් නවෝත්පාදන ප්‍රවේශයන් සමඟ මිශ්‍ර කිරීම සිදු කරයි. ඊට අමතරව, SMART පන්ති කාමර, කාර්මික පරිසරය ප්‍රතිනිර්මාණය කරන ආකාරයේ අධ්‍යයන පහසුකම් සහ ඩිජිටල් පුස්තකාල මඟින් සිසුන්ට සුවිශේෂී ඉගෙනීමේ අත්දැකීමක් ලබා දෙයි. සිසුන් සඳහාම සැකසූ Resource centers හරහා අධ්‍යයන කටයුතු මෙන්ම රැකියා මාර්ගෝපදේශනය ද මේ තුළින් සිසුන්ට ලබා ගත හැක.

