කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක් !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

අද (ජුනි 11) දිනයේදී බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

උතුරු පළාතේත් අනුරාධපුරය දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, බස්නාහිර, සබරගමුව, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් විටින් විට හමන පැ.කි.මී. (50-60) ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.

එමෙන්ම හෙට (ජුනි 12) පෙරවරු 05.30 දක්වා බලපැවැත්වෙන පරිදි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ද නිකුත් කර තිබේ.

අද අලුයම 05.30 ට නිකුත් කරන ලද එම නිවේදනය පහතින් දැක්වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුද්ධමය තත්ත්වය හමුවේ ආනයනය කරන ඉන්ධනවල මිල ගණන්වලට කුමක් වේවිද?

රෂිකා හෙන්නායක ජූනි 22, කොළඹ LNW : ඊශ්‍රායල සහ ඉරාන...

තායිලන්තයේ දවසේ අස්වැන්න රන් දෙකයි රිදී එකයි – මධුෂානිගෙන් හොඳම දක්ෂතාවය

නිශ්මං රණසිංහ ජුනි 22, කොළඹ LNW: තායිලන්ත තාමාසාට් සරසවි ක්‍රීඩාංගණය...

ඇමෙරිකාවෙන් ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථාන වලට ප්‍රහාර.!

අශෝක ජයතුංග ජූනි 22 වොෂින්ටන් LNW : 🍎ඇමෙරිකාව ඇතුලෙන්ම ඊට විරෝධය...

ජනතාවගේ ජනවරම අවජාතක කළා නම් සුජාත පුත්තු උපදිනවා කියලා හිතන්න එපා – ඇමති TB

ජාතික ජන බලවේගය ප්‍රාදේශීය සභාවල බලය පිහිටුවා ඇත්තේ පොහොට්ටුව,...