Home පුවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් විශේෂ පණිවුඩයක්!

ජාතික ඩෙංගු මර්දන ඒකකයෙන් විශේෂ පණිවුඩයක්!

0
474

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :

මේ වන විට නිරිතදිග මෝසම හමුවේ මේ මාසය තුළ ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය කියා සිටී. එහි ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශීලා සමරවීර මහත්මිය ජනතාවට දැනුම් දෙන්නේ මදුරුවන් බෝ විය හැකි ස්ථාන විනාශ කරන දමන ලෙසයි. වසරේ ගතවූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 25259ක් වාර්තාවි තිබේ. ඉන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ බස්නාහිර, සබරගමුව, නැගෙනහිර හා දකුණු පළාත්වලින් බව පවසේ. වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 13කි.