ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තරය තුළ ඉහළින්ම ඔසවා තැබූ “කුෂානි සඳගිරි”

Date:

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :

කුෂානි සඳගිරි නම් වූ තරුණිය ශ්‍රී ලාංකික නාමය ජාත්‍යන්තරය තුල ඉහළින්ම ඔසවා තබන්නට සමත් වී ඇති බව වාර්තා වේ.

ඒ, කැනඩාවේ ශාන්ත ජෝන් අනුස්මරණ විශ්වවිද්‍යාලයෙන් ඉංජිනේරු උපාධිය ලබාගත් පළමු ශ්‍රී ලාංකික කාන්තාව බවට පත්වීමට සමත් වීම්‍යි.

ඇය පැවසුවේ, “මෙය 100 වන සංවත්සරයයි. අවුරුදු 100 ක් පුරාවට ඉංජිනේරු උපාධියක් හැදෑරීමට මෙහි පැමිණි එකම ශ්‍රී ලාංකික ගැහැණු ළමයා මමයි. පළමුවරට එය ඇසූ විට මට එය විශ්වාස කිරීමට පවා නොහැකි වුණා” තවද, කුෂානි සඳගිරි එහිදී හැදෑරූ රේඩාර් ඉංජිනේරු විද්‍යාව කාන්තාවන් විසින් සුලභ නියැලෙන වෘත්තියක් නොවන අතර, එම ඉංජිනේරු වෘත්තිය මෙරට්දී පිරිමින් විසින් නියැලෙන රැකියාවක් ලෙස සළකන බව ඇය පවසයි.

“මට දවසක් ජනමාධ්‍යවේදියෙක් වෙන්න අදහසක් ආවා. ඊට පස්සේ මට තවත් අදහසක් ආවා, මගේ දෙමාපියන් බැංකු කටයුතුවලට සම්බන්ධ නිසා, මමත් හිතුවා මටත් බැංකුකරුවෙක් වෙන්න පුළුවන් කියලා,” ඇය පැවසුවාය. එහෙත් පාසලේ ගණිත ගුරුවරියක් ප්‍රශ්න විසඳීමට ඇය සතු හැකියාව දුටු පසු ඇගේ ගමන්මග වෙනස් කරමින් ඇයව ඉංජිනේරු විද්‍යාව හැදෑරීමට උනන්දු කර තිබේ. උසස් අධ්‍යාපනයෙන් පසු ඇය මෙරටදී රසායනික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ ජාතික ඩිප්ලෝමාවක් හදාරා ඇත. මේ වනවිට ඇය කැනඩාවේ Fort McMurray හි Suncor සමාගම සමඟ සම්බන්ධ වී සේවය කරයි.

එය ඇල්බර්ටා හි කැල්ගරි හි පිහිටි කැනේඩියානු ඒකාබද්ධ බලශක්ති සමාගමකි. කුෂානි සඳගිරි පවසන්නේ, විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන ක්ෂේත්‍රවල වෘත්තීන් හැදෑරීමට අනෙකුත් කාන්තාවන් පෙළඹවීමට ඇය බලාපොරොත්තු වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාලිමාව ගාල්ල මහ නගරසභාවේ අයවැයත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජනබලවේගයට බලය හිමි ගාල්ල මහ...

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...