කොරියාවෙන් පිළිකා සෛල සමාන්‍ය සෛල බවට පරිවර්තනය කිරීමේ මඟක් සොයා ගැනේ.

Date:

සටහන – පුලී
ජූනි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
KAIST (කොරියානු උසස් විද්‍යා හා තාක්ෂණ ආයතනය) හි විද්‍යාඥයින් විසින් මහා අන්ත්‍ර පිළිකා සෛල විනාශ නොකර සාමාන්‍ය සෛල බවට නැවත පරිවර්තනය කිරීම සඳහා නව උපාය මාර්ගයක් සකස් කරමින් සිටින බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රසායනික චිකිත්සාව හෝ විකිරණ වැනි පිළිකා සෛල විනාශ කරන සාම්ප්‍රදායික ප්‍රතිකාර භාවිතා කිරීම වෙනුවට, මෙම කණ්ඩායම විසින් පිළිකා සෛල නැවත ඒවායේ මුල් සෞඛ්‍ය සම්පන්න ස්වරූපයට පෙරළීමට ජාන මර්දන තාක්‍ෂණයක් භාවිතා කරන බවට පැවසේ.

ඔවුහු මෙම ක්‍රියාවලියට ප්‍රධාන නියාමක ජාන තුනක් ඉලක්ක කර ගත්හ.
එනම්;
– MYB
– HDAC2
– FOXA2

මෙම ජාන සෛලීය හැසිරීමේ විධාන ස්විචයන් මෙන් ක්‍රියා කරනු ලබන අතර ඒවා මර්දනය කිරීමෙන්, පර්යේෂකයන්ට මහා අන්ත්‍ර පිළිකා සෛල නිරෝගී මහා අන්ත්‍ර සෛල වලට සමාන සෛල බවට නැවත පරිවර්තනය කිරීමට හැකි විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මාව බලා ගත්ත ගම බලා ගන්න – තරුශි කරුණාරත්න උඩුදුම්බර ජනතාව වෙනුවෙන් රටින්ම ඉල්ලයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 20, කොළඹ LNW: මෑත කාලයේ ශ්‍රී ලංකාවේ...

සිරියාවේ ISIS ඉස්ලාමීය ඉලක්ක ගණනාවකට එරෙහිව එක්සත් ජනපදය පළිගැනීමේ ප්‍රහාර මාලාවක් දියත් කරයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 20: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සිරියාවේ...

මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් මිලියන 206ක ණය සහ ඉදිරි වසරේ අසීරු ඉලක්ක

"බිලියන 500ක් වෙළෙඳපොළට එන විට ඩොලර්වලට එන ඉල්ලීම යම්...

කීර්ති තෙන්නකෝන් ඇමති සමන්තගෙන් සහ ITN නාලිකාවෙන් මිලියන 100 ක් වන්දි ඉල්ලා නඩු පවරයි

වැවිලි කර්මාන්ත හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න...