චාබාද් මධ්‍යස්ථාන වෙත පැය 24 පුරා ආරක්ෂාව!

කොළඹ LNW:මෙරට රැඳීසිටින ඊශ්‍රායල් ජාතිකයින් තම ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබාගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට ආරක්ෂාව ලබාදීමට පොලීසිය තීරණය කර තිබේ.

ඒ අනුව මේ පිළිබඳව නිවේදනයක් නිකුත්කරමින් ශ්‍රී ලංකා පොලීසිය පවසන්නේ පොලිස් වසම් කිහිපයක් තුළ ස්ථාපිත කර ඇති චබාද් මධ්‍යස්ථානවලට පවතින තර්ජනයන්ට සාපේක්ෂව අදාළ මේ වනවිට පැය 24 පුරාම ආවරණය වනපරිදි ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

තවද දිවයිනේ රැඳීසිටින කවර හෝ විදේශීය ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් තර්ජනයක් පවතී නම් ඒ සම්බන්ධයෙන් තක්සේරු කොට අවශ්‍ය ආරක්ෂාව සැපයීමටද ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කිරීමට සූදානමින් පසුවෙයි.

ආශිකා බ්‍රාහ්මණ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස්නාහිර මගී ප්‍රවාහන හිටපු සභාපති දූෂණ චෝදනාවට අත්අඩංගුවට

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : බස්නාහිර පළාත් මාර්ගස්ථ...

රුමේෂ් තරංගට නව හෙල්ල කට්ටලයක් ලබාදීමට ක්‍රීඩා අමාත්‍යවරයා වහාම පියවර ගනී!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ලෝක මට්ටමේ ජයග්‍රහණ...

ඕලුගලගේ තවත් සාර්ථක මෙහෙයුමක් : “මධුවා” ඇතුළු පිරිස අත්අඩංගුවට! 

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : රුපියල් කෝටි 500කට...

NPPයට ඩයස්පෝරාව අරමුදල් සැපයූවාද? කැබිනට් ප්‍රකාශකගෙන් පිළිතුරු

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 15, කොළඹ LNW : ජාතික ජන බලවේගයට...