ගිනිබටයාගේ අපූරු වගාව!

Date:

රෂිකා හෙන්නායක ජූනි 11, කොළඹ LNW :

සුපිරි තෙමහල් නිවසක උඩුමහලේ සරුවට වගාකර තිබූ රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ගංජා හයිබ්‍රීඩ් කුෂ් පැල තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ. ඒ දෙහිවල නැදිමාල රුපසිංහ පාරේ නිවසකින් වේ.

මෙම වැටලීම සිදුකර තිබෙන්නේ, දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට ලද තොරතුරකට අනුවයි.

දෙහිවල පොලිසිය සඳහන් කර සිටියේ, එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනිබටයෙක් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර එම සැකකරු සමග අඩි 2 -1/2 – 3 ආදී විවිධ ප්‍රමාණවලින් ගංජා හයිබ්‍රිඩ් කුෂ් පැළ 36 ක් පොලිස් භාරයට ගෙන තිබෙන බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අන්තර්ජාලය හරහා ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද ගංජා හයිබ්‍රිඩ් කුෂ් ඇට මගින් මෙම පැළ රෝපණය කරන බවට අනාවරණය වී ඇත.

දෙහිවල පොලිසිය සඳහන් කර සිටියේ. ඔහු විසින් නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය මිතුරන් අතරේ අලෙවි කරන බව පැවසුවත්, එම සැකකරු රාත්‍රී සමාජ ශාලාවල සඳහා යොමු වන්නන් සඳහා අධික මුදලකට අලෙවි ඇති බවයි

මෙම පැළ වේලීමෙන් අනතුරුව ග්‍රෑම් එකක් රුපියල් 8500/= මුදලකට අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළිවී ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...