අපේ පැරණි බොහෝ ඇසූපිරූ තැන් ඇති වයසක මිනිස්සු කියපු කතාවක් තියෙනවා “මේවා අකලට පැහිච්ච කෙස් නෙමේ” කියලා… ඒ කියන්නේ කලට පැසුන කෙස්වල විශාල පරිනතමය වටිනාකමක් ඇතිබවයි..
ලොව බුද්දිමත්ම සත්වයා වන මිනිසා ස්වකීය ප්‍රභාෂ්වර මොළයෙන් ගතවන සෑම කාල අවකාශයේදීම හමුවන බොහෝ අත්දැකීම් දැනුමට එක් කරගනී…. අතීතයේදී ඒ දැනුම සොබාදහමේ සිදුවීම් වලින් එක් කරගත් අතර වර්තමානයේදී පොතපතින් හා ගෝලීය ආර්ථික හා දේශපාලන හා දාර්ශනික හැලහැප්පීම් තුලින් ඒ දැනුම එක් කර ගනී.. එහිදී ඔහු කයින් ටික ටික දුබල වුවද මොළයෙන් ක්‍රමයෙන් මුහුකුරා ගිය ජීවියෙකු බවට පත්වෙයි…
යුද්ධයේදී ඉදිරියෙන් සිට යුධ වදින්නේ තරුන සෙබළුන් සහ තරුණ නිලධාරීන් උවද පසුපස සිට යුද්ධයේ සැලසුම් සකස්කරන්නේ වියපත් ජෙනරාල්වරු විසිනි… බොහෝ අවස්තාවල රටක යුධමය තත්වයක් ඇතිවූවිට විශ්‍රාම ගිය ජෙනරාල්වරු නැවත සේවයට කැඳවීමට සිදුවන්නේද මේ තත්වය නිසාය…
දේශපාලනයේදීද තරුණ නායකයන් තීරන ගන්නේ ඇඟෙනි.. නමුත් වයසින් පරිනත නායකයින් තීරණ ගන්නේ පැසුන බුද්දියෙනි.. එසේම මිනිස් ඉතිහාසයේ බොහෝ රටවල් අන්තරාය කරා ඇදී ගියේද අත්දැකීම් නැති හුදු තරුණමදය පමණක් තිබූ නායකයන් අතට බලය ගිය අවස්තාවලය..
අප කාල් මාක්ස්, ඇල්බට් අයින්ස්ටයින්, වැන්නවුන් රුවින් හඳුනාගන්නේ ඔවුන්ගේ පැසුනු කෙස් පිරුනු හිසෙන් හා මුහුනෙනි.. එසේම මේ දාර්ශනිකයින්ගේ සොයාගැනීම්වල පරිසමාප්තිය කරා ඔවුන් ලඟාවූයේද ඔවුන්ගේ වයස්ගත කාල පරිච්ඡේදයේදීය..
එසේම ලංකාව අසලම ඇති මහා දැවැන්ත රාජ්‍යයන් දෙක වන ඉන්දියාව සහ චීනය යන රටවල් දෙකේම සමස්ත ලෝක ආර්ථිකයටම අණසක පතුරවමින් ඉතා පරිනත ලෙස රාජ්‍ය නායකත්වය හොබවන්නේද හැට නොව හැත්තෑවද පැන්න මහල්ලන් දෙදෙනෙකි..
එබැවින් හැට පැන්න මහලු කතාව ඇතැම්විට ලාල්ට ගැලපුනත් ලෝක යතාර්තයට නොගැලපේ …
~ ප්‍රියශාන්ත රාජපක්ෂ
RN