එහෙම කළොත් එක්සත් ජාතික පක්ෂයේ අවසානය තමයි – මහින්ද අනතුරු හඟවයි !

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණ කල් දැමිය නොහැකි බවත් එවැන්නක් සිදුකිරීමට උත්සාහ කරන්නේ නම් එය මෝඩකමක් බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

“මං හිතන්නෙ මැතිවරණයක් නොතියා ඉන්න බැහැ නේද ව්‍යවස්ථානුකූලව ?”

ප්‍රශ්නය – ජනාධිපතිවරණය කල්දානවා කියලා කතාවක් කියනවා ?

“එහෙම වෙන එකක් නෑ. මං හිතන්නෙ නෑ එච්චර මෝඩකමක් කරයි කියලා, එක්සත් ජාතික පක්ෂයේ අවසානය තමයි ඒක”

ප්‍රශ්නය – ඔබතුමාලාගේ අපේක්ෂකයා කියන්නකෝ ?

“අපේක්ෂකයා අපි වෙලාවට දෙන්නම්”

ප්‍රශ්නය – නිමල් ලන්සා කෑල්ලක් කඩාගෙන ගියා නේද ?

“ඒවා ඉතින් වෙනවා. කඩන් ගියායි කියලා අපට කිසි අඩුවක් වෙන්නෙ නෑ”

ප්‍රශ්නය – පොහොට්ටුව දිනනවාද ?

“අනිවාර්යයෙන්, අනිවාර්යයෙන් …”

ප්‍රශ්නය – ඒ කියන්නෙ ජනතාව බලාගෙන ඉන්නෙ පොහොට්ටුව ගැන ?

“බලාපොරොත්තුව තියෙන්නෙ පොහොට්ටුව ගැන. වෙන කවුරුවත් ගැන නෙවෙයි”

ප්‍රශ්නය – අපේක්ෂකයා කවදා වගේ දැනගන්න පුළුවන් වෙයිද ?

“පස්සෙ කියන්නම්, පස්සෙ කියන්නම් …”

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ ඊයේ (11) බදුල්ලේදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරානයට සහය පළකරමින් අද කොළඹදී වැඩසටහනක්! (PHOTOS)

කොළඹ LNW:ඉරානයට සහය පළකරමින් අද (11) කොළඹ ඉරාන තානාපති...

කැනඩාවේ පාසලක සහ නිවසක සිදු වූ වෙඩි තැබීම්වලින් දස දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 10: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): බටහිර කැනඩාවේ ටම්බ්ලර්...

සුනිල්ට විහිළු කරන්න එපා කියලා සුගත්ට කියන්න බැරිද?

නිශ්මං රණසිංහ පෙබරවාරි 11, කොළඹ LNW: මේ ළඟදි අපූරු කතාවක්...

යුක්රේනයට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයකින් එකම පවුලේ පියෙකු සහ කුඩා දරුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව සහ යුක්රේනය...