කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.

ඒ අනුව එහි ගිය හිටපු ජනාධිපතිවරයා එහි සිටි නිලධාරීන්ගෙන් තමන්ව කැඳවූයේ මන්දැයි විමසා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් ගෙන්වීමේ සිද්ධියට අදාළව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් ආකාරය පිළිබඳව විමසීම සඳහා මෙසේ කැඳවූ බවය.

එහිදී හිටපු ජනාධිපතිවරයා එම නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින්, මේ ආකාරයෙන් කැබිනට් මණ්ඩලය සම්බන්ධ දේවල් විමසිය නොහැකි බවත් කැබිනට් මණ්ඩලය සම්බන්ධ දෑ ගැන ප්‍රශ්න කිරීමට අධිකරණයටවත් නොහැකි බවත් සඳහන් කර ඇත.

කැබිනට් තීරණ සම්බන්ධ තොරතුරු කිසිවෙකුට පිටතට ලබාදිය නොහැකි බව පවසා ඇති හිටපු ජනාධිපතිවරයා එසේ කැබිනට් තීරණයකට එකඟ වූ, එකඟ නොවූ අය පිළිබඳව පිටස්තර පාර්ශ්වයකට තොරතුරු ලබාදෙන්නේ නම් එකී කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ගේ එකඟතාව මත එය සිදුකළ යුතු බවත් එසේ නොවන්නේ නම් එය නීතියට පටහැණි බවත් ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම කැබිනට් මණ්ඩලයට අදාළ නීතිය පිළිබඳව ග්‍රන්ථයක නමක් ද පවසා ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විමර්ශන සිදුවන්නේ මේ ආකාරයට නම් තමන්ට සිදුවන්නේ එම ග්‍රන්ථයත් රැගෙනවිත් නීතිපතිවරයාට නීතිය කියාදීමට බවත් ප්‍රකාශ කර CIDයෙන් පිටව ගොස් ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මෙසේ CIDය හමුවට ගොස් කෙටි වේලාවකින් පිටතට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේදී රුසියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Epstein ලිපිගොනුවල ගෑවුණු නම් අතර Stephen Hawking ගේ නමත්?

සටහන – පුලී පෙබරවාරි 06, LNW (කොළඹ): Jeffrey Epstein ගේ...

අද ලංකාවේ පස් දෙනෙක් චීනයේදී තරග බිමට

නිශ්මං රණසිංහ පෙබරවාරි 06, කොළඹ LNW: චීනයේ පැවත්වෙන ගෘහස්ත ආසියානු...

ජවිපෙ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ඉන්දියාවේ සංචාරයක

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඉන්දියාවේ...

වැසි තත්වයේ වෙනසක් – අද (06) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 06) දිනයේදී නැගෙනහිර, ඌව...