කැබිනට් මණ්ඩලය ගැන නීතිය කියාදී රනිල් රුසියාවට යයි !

Date:

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව ඊයේ (11) දිනයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා තිබිණි.

ඒ අනුව එහි ගිය හිටපු ජනාධිපතිවරයා එහි සිටි නිලධාරීන්ගෙන් තමන්ව කැඳවූයේ මන්දැයි විමසා ඇති අතර ඔවුන් පවසා ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යවරයාව සිටි සමයේදී ප්‍රමිතියෙන් තොර ඖෂධ තොගයක් ගෙන්වීමේ සිද්ධියට අදාළව කැබිනට් මණ්ඩල අනුමැතිය ලබාගත් ආකාරය පිළිබඳව විමසීම සඳහා මෙසේ කැඳවූ බවය.

එහිදී හිටපු ජනාධිපතිවරයා එම නිලධාරීන්ට කරුණු පැහැදිලි කරමින්, මේ ආකාරයෙන් කැබිනට් මණ්ඩලය සම්බන්ධ දේවල් විමසිය නොහැකි බවත් කැබිනට් මණ්ඩලය සම්බන්ධ දෑ ගැන ප්‍රශ්න කිරීමට අධිකරණයටවත් නොහැකි බවත් සඳහන් කර ඇත.

කැබිනට් තීරණ සම්බන්ධ තොරතුරු කිසිවෙකුට පිටතට ලබාදිය නොහැකි බව පවසා ඇති හිටපු ජනාධිපතිවරයා එසේ කැබිනට් තීරණයකට එකඟ වූ, එකඟ නොවූ අය පිළිබඳව පිටස්තර පාර්ශ්වයකට තොරතුරු ලබාදෙන්නේ නම් එකී කැබිනට් මණ්ඩලයේ සියලුම සාමාජිකයින්ගේ එකඟතාව මත එය සිදුකළ යුතු බවත් එසේ නොවන්නේ නම් එය නීතියට පටහැණි බවත් ප්‍රකාශ කර ඇති බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

එමෙන්ම කැබිනට් මණ්ඩලයට අදාළ නීතිය පිළිබඳව ග්‍රන්ථයක නමක් ද පවසා ඇති හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විමර්ශන සිදුවන්නේ මේ ආකාරයට නම් තමන්ට සිදුවන්නේ එම ග්‍රන්ථයත් රැගෙනවිත් නීතිපතිවරයාට නීතිය කියාදීමට බවත් ප්‍රකාශ කර CIDයෙන් පිටව ගොස් ඇති බවත් ආරංචිමාර්ග පැවසීය.

මෙසේ CIDය හමුවට ගොස් කෙටි වේලාවකින් පිටතට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ රාත්‍රියේදී රුසියාවේ සංචාරයක් සඳහා පිටත්ව ගොස් ඇති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කෙහෙළියගේ නඩුවකට දින!

රෂිකා හෙන්නායක ජූනි 13, කොළඹ LNW : අල්ලස් කොමිසම...

විපක්ෂය උඩුදුම්බර සභාවේ බලය අල්ලයි!

කොළඹ LNW:මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය සභාවේ බලය සමගි ජන බලවේගය...

විපක්ෂයට බහුතර අසන ගණනක් ගිය උඩුනුවර සභාව NPP දිනාගනී!

කොළඹ LNW:උඩුනුවර ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කරගැනීමට ජාතික ජන...

තවත් දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් ගැන හෙළිදරව්වක්!

දූෂිත ටෙන්ඩර් ගනුදෙනුවක් හරහා ගෙන්වන ලද භාණ්ඩ තොගයක් නිසා...