හිටපු බොලිවියා ජනාධිපතිට දස වසරක සිර දඬුවම්

Date:

බොලීවියාව නිල වශයෙන් බොලීවියානු රාජ්‍යය ලෙස හඳුන්වන අතර එය දකුණු ඇමෙරිකාවේ මධ්‍යයට වන්නට පිහිටි රටකි. උතුරින් හා නැගෙනහිරින් බ්‍රසීලය ද, දකුණින් පැරගුවේ රාජ්‍යය හා ආජන්ටිනාව ද, බටහිරින් චිලි හා පේරු රාජ්‍යය ද එයට මායිම්ව පවතියි.

සියවස් ගණනාවක පටන් අද දක්වාම බොලිවියාව දේශපාලන අස්ථාවරභාවය, පාවාදීම් හා ආර්ථික පසුබෑම් වලින් බැට කනු ලැබූ රටකි.

බොලිවියාවේ දේශීය සම්භවයක් සහිත පළමු ජනාධිපති වාමාංශික නායක Evo Morales ජනාධිපතිවරණයෙන් සියයට 46කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබා ගතමුත් ඔහු ආඥාදායක පාලකයෙක්ය’ යන චෝදනාව හේතුවෙන් ඔහු බලයෙන් නෙරපා හැරිණි.

ඔහුගේ ජයග්‍රහණය ප්‍රකාශයට පත් වීමත් සමඟ ඇති වූ විරෝධතා හේතුවෙන් 37 දෙනෙකු මිය ගිය අතර Evo Morales මහතාට මෙක්සිකෝවේ රැකවරණය ලබා ගැනීමට සිදුවිය. ඒ අනුව ඇති වූ බල රික්තය වෙනුවෙන් සෙනෙට් සභාවේ දෙවන සභාපතිනිය ලෙස අන්තර්වාර ජනාධිපති ධුරය භාර ගැනීමට Jeanine Áñez මහත්මියට හැකි විය.

ඇගේ බලයට පත් වීම සම්බන්ධයෙන් විවිධ චෝදනාවන් ජාත්‍යන්තර මාධ්‍යතුළ දක්නට ලැබේ.
නමුත් මේ වන විට ඇය රාජකාරිය පැහැර හැරීම සහ ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් වරදකරු බවට පත්ව ඇති අතර ඒ වෙනුවෙන් ඇයට දස වසරක සිර දඬුවමක්ද නියම වී ඇත.

Jeanine Áñez මහත්මිය විසින් ඇය රඳවා සිටින බන්ධනාගාරයේ සිට ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති වීම සඳහා ඇය එක් ඇඟිල්ලක්වත් එසවූයේ නැති බවත් , Evo Morales පලා යද්දී කම්පාවට පත් රටක් සමනය කිරීමට තමාට කළ හැකි දේ කිරීමට උත්සහ ගත් බවයි.
කෙසේ නමුත් අධිකරණය විසින් ඇය වැරදිකරු බවට පත් කර ඇත.

මේ වන විට ඇය බන්ධනාගාරගත ඇති ප්‍රදේශයේ ද විවිධ විරෝධතාවන් සංවිධානය වෙමින් පවතන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මීට අමතරව හිටපු සන්නද්ධ හමුදා අණදෙන නිලධාරි මෙන් ම හිටපු පොලිස් අණදෙන නිලධාරී යන අයට ද අධිකරණය වසර 10 ක සිරදඬුවමක් නියම කර ඇත.

සශිකලා මධුෂාණී outboundtody

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලංකාවට අවසාන තරගයක් ගැන තිබුණ අදහස මැලේසියාව සුද්ධ කරයි.

නිශ්මං රණසිංහ ජූලි 03, කොළඹ LNW: දකුණු කොරියාවේ පැවත්වෙන ආසියානු...

රජය ලබාදුන් ආදයම් ඉලක්කයට යා හැකියි – රේගු මාධ්‍ය ප්‍රකාශක

රෂිකා හෙන්නායක ජූනි 03, කොළඹ LNW: අද (3) කොළඹ දී...

විවාහයෙන් දින දහයකට පසු මරු තුරුළට ගිය ලිවර්පූල් පාපන්දු ක්‍රීඩක Diogo Jota!

සටහන – පුලී ජූලි 03, කොළඹ (LNW): ලිවර්පූල් සහ පෘතුගාල...

අවධමන රැල්ලේ අවසන් මාසය

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව 2025 ජූනි මාසය තුළද...