සටහන – පුලී
ජූනි 11, LNW (කොළඹ): වසර හතරක බලාපොරොත්තුව, මිලියන ගණනක සිහින, අසීමිත උද්යෝගය සහ පාපන්දු ලෝකයේ විශාලතම උත්සවය අදින් නැවතත් ආරම්භ වෙයි!
FIFA ලෝක කුසලානය 2026 අද නිල වශයෙන් ආරම්භ වන අතර, සමාරම්භක තරගයේදී සම සත්කාරක රටක් වන මෙක්සිකෝව සහ දකුණු අප්රිකාව එකිනෙකාට මුහුණ දෙයි. එය 2010 ලෝක කුසලාන ආරම්භක තරගය සිහිගන්වන විශේෂ අවස්ථාවක් ද වේ.
මෙක්සිකෝවේ ප්රසිද්ධ Azteca Stadium ක්රීඩාංගණය අද රාත්රියේ පාපන්දු ආදරවන්තයන්ගේ ඇස් සියල්ලම තමන් වෙත යොමු කරගනී. ලෝකප්රකට ගායිකා ශකීරා නිල තරගාවලි ගීතය වන “Dai Dai” ගායනා කරමින් ආරම්භක උත්සවය තවත් වර්ණවත් කරන ලදී.
මෙවර ලෝක කුසලානය වෙනස්ම මට්ටමක එකක්. රටවල් 48ක්, තරග 104ක් සහ මහාද්වීප තුනක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය FIFA ඉතිහාසයේ විශාලතම ලෝක කුසලානය ලෙස සැලකේ.






අද සිට මාසයක් පුරා ලෝකය නතර වන්නේ එකම දෙයකටයි – පාපන්දු! වීදි, නිවාස, කාර්යාල, පාසල් සහ සමාජ මාධ්ය සියල්ලම එකම සංවාදයකින් පිරී යනු ඇත. කුසලානය කාගේ අතටද? නව වීරයෙක් බිහිවේද? නැතහොත් පැරණි ශූරයෝ නැවතත් ඉතිහාසය ලියයිද?
104 තරග, 48 රටවල්, එකම ඉලක්කයක්!
ලෝක පාපන්දු කිරුළක්!
තරු බැබළීමට සූදානම්/ අලුත් වීරයෝ උපදින්නට සූදානම්/ ඉතිහාසය නැවත ලියවෙන්නට සූදානම්
🔥 දැන් බෝලය පෙරළී ඇත.
🔥 දැන් ලෝකය පාපන්දු උණෙන් දැවෙයි.
🔥 දැන් FIFA 2026 යුගය ආරම්භ වී ඇත.
සාදයට එක්වෙන්න. සිහින දකින්න. ඉතිහාසය සජීවීව නරඹන්න.

