“විමර්ශන අඩාල නොකර ‘GRL A’ ගේ අනන්‍යතාවය රකින්න” – මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර වෙත ලිඛිත ඉල්ලීමක්

ඉසුරු පරාක්‍රම

ජූනි 11, කොළඹ (LNW): මෑතකදී මහත් ආන්දෝලනයකට තුඩු දුන් දැරියක අපයෝජනයට ලක්වීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අකර්මණ්‍ය නොකරන ලෙසත්, වින්දිත දැරියගේ ගෞරවය ආරක්ෂා කිරීමට පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් ළමා අයිතිවාසිකම් ක්‍රියාකාරිනී, වෛද්‍ය තුෂර වික්‍රමනායක මහත්මිය විසින් ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍ර මහත්මිය වෙත විවෘත ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

පක්ෂ දේශපාලනයෙන් තොරව සියලු පුරවැසියන් වෙනුවෙන් කටයුතු කිරීම මහජන නියෝජිතයන්ගේ වගකීමක් බව පෙන්වා දෙන වෛද්‍ය වික්‍රමනායක මහත්මිය, රට තුළ සැබෑ ළමා ආරක්ෂණයක් තහවුරු කිරීම සඳහා ප්‍රමුඛතා හයක් (06) ඔස්සේ ක්‍රියාත්මක වන ලෙස මන්ත්‍රීවරියගෙන් ඉල්ලා සිටියි.

ඇය විසින් ඉදිරිපත් කර ඇති ප්‍රධාන යෝජනා සහ ඉල්ලීම් මෙසේය:

  • වින්දිත දැරියගේ අනන්‍යතාවය සුරැකීම: “අනුරාධපුර දැරිය” හෝ “දූෂණයට ලක් වූ දැරිය” වැනි නාමකරණයන් භාවිත කරමින් ඇය ද්විතීයික වින්දිතභාවයට පත් කිරීම වෙනුවට, ඇගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන් ආරක්ෂා වන පරිදි “GIRL A” ලෙස හැඳින්වීමට කටයුතු කිරීම සහ සිදුවීමෙන් ඔබ්බට ඇයට ස්වාධීන පුරවැසියකු ලෙස ගෞරවය ලබා දීම.
  • ළමා ආරක්ෂක අධිකාරිය බලාත්මක කිරීම: නඩු කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා, අධීක්ෂණ බලය හිමි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විවේචනය කරනු වෙනුවට, අවශ්‍ය ප්‍රතිපාදන ලබා දී නිලධාරීන් දිරිමත් කරමින් ඔවුන්ව බලගැන්වීම.
  • පාරදෘශ්‍යභාවය සහ මහජන විශ්වාසය: පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී ඒකපාර්ශ්වික ප්‍රකාශ නිකුත් කරනු වෙනුවට, විවෘත මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මහජන විශ්වාසය තහවුරු කරමින් සමාජ කැලඹීම සමනය කිරීමට පියවර ගැනීම.
  • පවතින යාන්ත්‍රණ විධිමත් කිරීම: මහජන බදු මුදල් නාස්ති කරමින් අලුතින් අනුකමිටු පත් කරනවා වෙනුවට, 2025 වසරේදී කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් ආරම්භ කරන ලද බහුපාර්ශ්වික කමිටුව විධිමත් මට්ටමකින් ක්‍රියාත්මක කිරීම.
  • ළමා ආරක්ෂණය දේශපාලනයෙන් මුදවා ගැනීම: 1998 අංක 50 දරන පාර්ලිමේන්තු පනත ප්‍රකාරව, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ග්‍රහණයෙන් මුදාහැර, ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමට කාන්තා සංසදය හරහා නිර්භයව නායකත්වය දීම.
  • විවෘත සංවාද සහ සිවිල් දායකත්වය: ජාතික ළමා ආරක්ෂණ අර්බුදයට තිරසාර විසඳුම් සෙවීම සහ සමාජ ආකල්පමය වෙනසක් ඇති කිරීම වෙනුවෙන්, ඕනෑම මාධ්‍ය ආයතනයක පැවැත්වෙන විවෘත සංවාදයක් සඳහා තමන්ට ද ආරාධනා කරන ලෙස වෛද්‍ය වික්‍රමනායක මහත්මිය මෙහි දී මන්ත්‍රීවරියගෙන් ඉල්ලා සිටියි.

අදාළ සිද්ධියේ විමර්ශනවලට බාධා නොවන පරිදි සහ “GIRL A” වෙත වචනයකින් හෝ අගතියක් සිදු නොවන අයුරින් කටයුතු කරන ලෙස අවධාරණය කරන වෛද්‍යතුමිය, අහිංසක දරුවන් වෙනුවෙන් පෙනී නොසිට තම දේශපාලන කල්ලිවල සාමාජිකයන් ආරක්ෂා කිරීමට වෙරදරන පිරිස් හේතුවෙන් රටේ දරුවන් දැඩි අනාරක්ෂිතභාවයකට පත්ව ඇති බවට ද සිය කනගාටුව පළ කර සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට තවත් සුළි කුණාටුවක අවදානමක්; දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන කරා ඉවත් කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 02 : සතියක් ඇතුළත...

හම්බන්තොට වරාය විරෝධතා නඩුවේ සැකකරුවන්ට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: හම්බන්තොට ජාත්‍යන්තර වරාය විකිණීමට...

කාන්තාවන්ට දැනුවත් වෙන්න ජාත්‍යන්තර ප්‍රතිපත්ති කිහිපයක් දැන් සිංහල සහ දමිළ බසින්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පසුගිය (31) දිනට යෙදුණු...

36 වැනි ජාතික යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: "බෝ නොවන රෝගවලින් තරුණ...