ශ්‍රී ලංකා කණ්ඩායමට සිම්බාබ්වේ දී සිඳු වූ වරද නිවැරදි වෙයි

Date:

ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරග සඳහා සහභාගි වීමට සිම්බාබ්වේ වෙත පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායමට ඊට පෙර පැමිණි කණ්ඩායමක් පරික්ෂා කිරීමේ කටයුතු නිමා වී නොතිබුණ නිසා අපහසුවට පත් වීමට සිඳු වී ඇත.ජාතික කණ්ඩායමකට නොලැබිය යුතු ආකාරයෙන් ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකා කණ්ඩායමට සැළකිලි ලැබී ඇති බව සමාජ මාධ්‍ය හරහා ප්‍රසිද්ධියට පත් ඡායාරූපවලින් පැහැදිළි වේ. එම ඡායාරූපවලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් බුලවායෝ හී පිහිටි හෝටල් පරිශ්‍රයට ඇතුල්වීමට ප්‍රමාද වීම නිසා එහි තැන තැන බිම වැතිර සිටින ආකාරයක් දක්නට ලැබේ.

ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කඩිනමින් මැදිහත් වූ බව පෙන්වා දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්නට ශ්‍රී ලංකා ක්‍රිකට් කටයුතු කර ඇත.එහිදී ඔවුන් පෙන්වා දෙන්නේ එම හෝටලයට කතා කර සිඳු වූ ප්‍රමාකය සහ අතපසුවීම වහාම නිවැරදි කරන්නට කටයුතු කළ බවය.

සිම්බාබ්වේ මේ වන විට ලෝකයේ වැඩිම උද්ධමනයක් සහිත රටවල් අතර දෙවන තැන පසුවන අතර ඔවුන්ගේ උද්ධමන අගය 676% ට වැඩි අගයක් ගනියි.එවැනි තත්ත්වයක් යටතේ පවතින ආර්ථික දුෂ්කරතා හේතුවෙන් මෙවැනි තරගාවලියක් සංවිධානය කිරීමේදී දැඩි බාධාවන් ඇති විය හැකිය.ලෝක කුසලාන තරගාවලියට සෘජුව නොතේරිම නිසා සිම්බාබ්වේ පවත්වන මෙම තරගාවලිය දක්වා ශ්‍රි ලංකා කණ්ඩායම පහත වැටීම නිසා මෙම තරගාවලියට මුහුණ දෙන්න වෙන්නේ, අඩු පහසුකම් සහිත රටක් වන සිම්බාබ්වේදී නිසා ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවැනි තවත් දුෂ්කරතා හමු වීමට ඉඩ ඇත.

සටහන – නිශ්මං රණසිංහ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...

පාසල් දරුවන්ට නොමිලයේ පාවහන් ගන්න අවස්ථාවක්!

කොළඹ LNW:දැනට පාසල් ළමුන් 250 ට අඩු පාසල් සඳහා...