ජූලි 30ට පෙර ජනවාර්ගික ගැටලුවට විසඳුමක් දෙන්න – TNA ජනාධිපතිගෙන් ඉල්ලලා

කොළඹ LNW:ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් ජූලි 30 වැනිදාට පෙර අවසන් විසදුමක් ලබා නොදුන්නොත් යළිත් ආණ්ඩුව හා සාකච්ඡාවලට සහභාගි නොවන බව දෙමළ ජාතික සන්ධානය, ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත අවධාරණය කර තිබේ.

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයේ පාර්ශවය සමඟ පසුගිය 08 වැනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දි ඔවුන් මේ බව අවධාරණය කර ඇත.

දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුව වෙත ඉදිරිපත් කළ ඉල්ලීම් පිළිබද විසදුම් ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා පොරොන්දු වු බවත් එම පොරොන්දු ඒ අයුරින් ඉදිරිපත් කිරීමට ආණ්ඩුව අපොහොසත් වුවහොත් මෙරට ජනවාර්ගික ගැටලුව සම්බන්ධයෙන් විසදුමක් ලබාගැනීමේ ක්‍රියාමාර්ග පිළිබදව සොයා බැලීමට සිදුවනු ඇති බවයි ඔවුන් පවසා ඇත්තේ.

දෙමළ ජාතික සන්ධානය ලෙස මෙම ප්‍රශ්න පිළිබඳව ගෙවුණු වසරක කාලයක් සිට වත්මන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වමින් සිටින නමුත් ඔවුන් ඉල්ලා සිටි මුලික ඉල්ලීම්වලට හෝ මෙතෙක් විසදුම් ලබාදීමට ආණ්ඩුව අපොහොසත් ව ඇති බවයි එම සන්ධානය පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...

ගිනිඅවි සහ ජීව පතොරොම් සමඟ හෙරොයින් ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : බස්නාහිර පළාත් උතුර...

22ට ජනමත විචාරණයක් අවශ්‍ය නෑ – ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කරයි

විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය...