විදේශ ප්‍රේෂණවල වැඩිවීමක්!

කොළඹ LNW:විදේශ ප්‍රේෂණ තවදුරටත් ඉහළ යමින් ගෙවුණු මැයි මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 479.7ක විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ශ්‍රී ලංකාවට ලැබී ඇති බව මහ බැංකුව පවසයි.

පසුගිය වසරේ මැයි මාසය හා සැසඳීමේ දී එය ඩොලර් මිලියන 175ක වැඩිවීමක් බවයි මහ බැංකුව සඳහන් කරන්නේ.

මේ වසරේ ගතවූ මාස පහක කාලසීමාව තුළ විදේශ ශ්‍රමික ප්‍රේෂණ ලෙස ඩොලර් මිලියන 2,346.9ක ආදායමක් ලැබී ඇති අතර පසුගිය වසරේ මුල් මාස පහ තුළ ලැබුණු ඩොලර් මිලියන 1,335.6ක ආදායමට සාපේක්ෂව එය 75.7%ක වර්ධනයක් ලෙසයි දැක්වෙන්නේ.

එමෙන්ම තාවකාලික දත්ත මත පදනම්ව වසරේ වාර්තා වූ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු පිටවීම් 311056ට සාපේක්ෂව 2023 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා 95,892 ක් විදේශ රැකියා සඳහා පිටවීම් වාර්තා වී තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හූති ප්‍රහාර මැඩපැවැත්වීමට සෞදි අරාබියට බ්‍රිතාන්‍යයෙන් ආරක්ෂක හමුදා සහාය

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 22: යේමනයේ හූති සටන්කාමීන්ගෙන්...

පාස්කු ප්‍රහාරයේ මහ නඩුවේ තීන්දුව අද. අධිකරණයට විශේෂ ආරක්ෂාවක්

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ ප්‍රධාන නඩුවේ තීන්දුව අද...

බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය ගැඹුරු පීඩන අවපාතයක් වෙයි – අද (22) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයිනට ඊශාන දෙසින් බෙංගාල බොක්ක මුහුදු...

මූල්‍ය වංචා සිද්ධියකට හිටපු ඇමති චාමර සම්පත්ගේ ලේකම්වරයකු අත්අඩංගුවට

හිටපු අමාත්‍ය සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක...