විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න දෙන්නේ නෑ – අනුර (VIDEO)

Date:

යෝජිත විකාශන අධිකාරී පනත පාර්ලිමේන්තුවේ සම්මත වීමට කිසිසේත්ම ඉඩ නොතබන බව ජාතික ජන බලවේගයේ හා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“දැන් නීතියක් හදන්න හදනවා, මාධ්‍ය මර්දනය කරන්න. සමාජයට හිතකර මාධ්‍ය භාවිතාව කියන ලේබලයට මුවාවෙලා මොකක්ද මේ කරන්න හදන්නෙ ? දැන් මං කතාවක් කියලා තියෙනවා බැංකු පද්ධතිය ආණ්ඩුවට ණය දීලා තියෙනවා, ලංකා බැංකුවේ තැන්පතුවලින් 58%ක් – මහජන බැංකුවේ 38%ක් – NSB එකේ 60%ක් ආණ්ඩුවට ණය දීලා. දැන් මම කියන්නෙ මොකක්ද, මේ ණය කපන්න ගියොත් බැංකු අවදානම්. ඕක දානවා ටීවී එකේ. දාපු හැටියේ මේ ප්‍රකාශය මාධ්‍ය නාලිකාවල වාර්තා කිරීම නිසා මාධ්‍ය නාලිකාව තහනම් කරනවා. මාධ්‍ය නාලිකාව තහනම් කළාට බැංකු වැටෙන එක නතර වෙන්නෑ හොඳේ. ඔය මාධ්‍ය මර්දනය සඳහා ගේන පනත නම් පාර්ලිමේන්තුවේ ඔය විදියට සම්මත වෙන්න ඉඩ නොදෙන බව අපි සහතික කරනවා”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (11) නාවලපිටිය ප්‍රදේශයේ පැවති ජාජබ ආසන බලමණ්ඩල රැස්වීමක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ගේ තීරුබදු ගැන සාකච්ඡා කරන්නේ ආසියාවෙන්ම අපි විතරයි. තත්වය අපට ඉතාමත් වාසිදායකයි – ඇමති අනිල්

සටහන - රුවන් නෙළුගොල්ල ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පනවා...

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...