විදුලි බිලේ සංශෝධනයක්

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජූලි මස පළමුවන දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සංශෝධන කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇති අතර , විදුලි ගාස්තු සංශෝධනයේදී සමස්ත ගාස්තු අඩු වීම 3%ක ප්‍රතිශතයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ .

ඊට අදාළ ගාස්තු සංශෝධයන් මහජන උපයෝගිතා කොමිසන් සභාවේ අනුමැතියට යටත්ව ප්‍රකාශයට පත්කර ඇති බව සඳහන්.

ඒ අනුව ගාස්තුව අඩු කිරීමේදී,

ඒකක 0සිට 30 දක්වා කාණ්ඩයේ ගාස්තුව සියයට 26.9කින් ද

ඒකක 31සිට 60 දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 10.8කින් ද,

ඒකක 61 සිට 90දක්වා විදුලි ගාස්තුව සියයට 7.2කින්ද,

ඒකක 91සිට 180දක්වා කාණ්ඩයේ විදුලි ගාස්තුව සියයට 3.4කින්ද

පහත දමා තිබේ.

මීට අමතරව විදුලි ඒකක 180ට වැඩි කාණ්ඩයේ ගාස්තුව සියයට 1.3කින් ද

ආගමික ස්ථාන සහ පුණ්‍ය ආයතනවල විදුලි ගාස්තුව සියයට 3.2කින් ද

අඩු වන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ,

කර්මාන්ත, පොදු කාණ්ඩ, වීදි ලාම්පු සහ රාජ්‍ය ආයතන යන කාණ්ඩ ගාස්තුවේ කිසිදු වෙනසක් සිදුනොවන බව අතර , හෝටල් කර්මාන්තයේ විදුලි ගාස්තුව සියයට 12.6කින් පහත දැමෙන බවයි  මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...

2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට් කරයි!

කොළඹ LNW:2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ගැසට්...